ශ්‍රී ලංකාව තුළ සාම්ප්‍රදායික මුස්ලිම් සහෝදරත්වය විනාශ කිරීම සඳහා අන්තවාදී කණ්ඩායම් යළි බිහිවෙමින් ඇතැයි බොදුබල සේනා සංවිධානය පවසයි.
කොළඹ ඊයේ (05)පැවැත්වූ මාධ්‍ය සාකච්ජාවකට සහභාගි වෙමින් එහි ප්‍රධාන ලේකම් ගලගොඩඅත්තේ ඥනසාර හිමියන් කියා සිටියේ, ජමෙයිතුල් උලමා සංවිධානය වෙනුවට 'ශුරා සභාව' නමින් නව අන්තවාදී කණ්ඩායමක් ගොඩනැගෙමින් ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි. '' ආණ්ඩුවේ සංවර්ධන ක්‍රියාවලියට සහය දෙන බව හඟවමින්, ඊට යටින් මේ අන්තවාදය ඉතා දරුණු විදියට ක්‍රියාත්මක වෙනවා. විශේෂයෙන් මේ ශුරා සභාවේ, ශුරා කවුන්සිල් එකේ ප්‍රධානම කාර්යභාරය විදියට ඔවුන් තෝරාගෙන තියන්නේ, රට පුරා වහාබි වාදය, වහබිසම් ක්‍රියාත්මක කිරීම.මොවුන් හදන්නේ අරාබි වසන්තය ගෙන්න නෙමෙයි, මේ රටේ මුස්ලිම් සහෝදරත්වයත් විනාශ කරලා 'වහාබි වසන්තයක්' ගෙන්න. ''යයි ද උන්වහන්සේ සඳහන් කළේය.මේ අතර අරාබි විදුහල් දෙකක් සංස්ථාගත කිරීම සඳහා ගෙන ආ පනත් කෙටුම්පතක් සම්බන්ධයෙන්ද උන්වහන්සේ මෙහිදී විරෝධය පළ කළහ.

පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.එස්.තවුෆික් මහතා විසින් ගෙන ආ මෙම පනත් කෙටුම්පත පසුගිය අපේ‍්‍රල් 19 වෙනිදා ගැසට් කර තිබෙන බවත්, මෙම පනතට මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේදී දක්වන ප්‍රතිචාර සම්බන්ධයෙන් ද තම සංවිධානය අවධානයෙන් සිටින බවත් ඥානසාර හිමියන් වැඩිදුරටත් කියා සිටියේය.