ගව ඝාතනයට එරෙහිව තවත් හිමි නමක් සියදිවි නසා ගැනීමට සැරසෙයි. ගව ඝාතනයට එරෙහිව ගිණි තබාගෙන සිය දිවි නසා ගත් බෝවත්තේ ඉන්දරතන හිමියන්ගේ අරමුණ සාක්ෂාත් කිරීම උදෙසා මාගල්කන්දේ සුදන්ත හිමියන්ද හරක් වෙනුවෙන් මාරාන්තික උපවාසයක් කර සියදිවි හානි කරගන්නා බව ප්‍රකාශ කර තිබේ. ෆේස් බුක් වෙබ් අඩවිය ඔස්සේ එම හිමියන්ගේ ඡායාරූපයක්ද සමග මෙ බව වාර්තා කර තිබේ.
එය අප වෙත වාර්තා වන විට 118 දෙනෙක් එම ඡායාරූපය සහ විස්තරයට likes දමා තිබු අතර 666 දෙනෙක් එය share කර තිබිණ.
මෙම තොරතුර මගින් පැහැදිලි වන කාරණාවක් වන්නේ පුජ්‍ය බෝවත්තේ ඉන්දරතන හිමියන්ගේ සිය දිවි නසා ගැනිමෙන් පසු සියදිවි නසාගැනීම් වලට මාකට් එකක් ලැබී තිබේ.
එහි market value එක දන්නා ඇතැම් අයට බෝවත්තේ හිමියන් විසින් කදිම මාවතක් විවර කර දී තිබේ. මෙම සිදුවීම් දෙස බලන විට පුජ්‍ය බෝවත්තේ හිමියන් ශ්‍රේෂ්ඨය මන්ද උන්වහන්සේ ගිනිතියාගන්නා බවට පුර්ව නිවේදන පළ කළේ නැත. ස්වර්ණවාහිනී මාධ්‍යවේදියා නොසිටින්නට උන්වහන්සේගේ ගිනිතබාගැනීමට හේතුව වත් නිශ්චිත වශයෙන් කිව නොහැකි වීමටද ඉඩ තිබිණ. කෙසේ නමුත් බොවත්තේ හිමියන් තමන් වහන්සේගේ මරණයෙන් අනෙකුත් බෞද්ධ පූජකයන් ට “හිට්“එකක් වීමට කදිම අවස්ථාවක් උදා කරදී තිබේ.
like යන ඉංග්‍රීසි වචනයේ සිංහල තේරුම “කැමැත්ත“ යි.
ඒ අතින් ගත් කළ මේ හිමියන්ගේ සියදිවි නසා ගැනීමට මේ වන විට 118 දෙනෙක් කැමැත්ත පළකර තිබේ. බෝවත්තේ හිමියන්ගේ මරණය කලින් දැන එය වැලැක්වීමට කටයුතු නොකළ බව කියා එම මාධ්‍යෙව්දියා අධිකරණය වෙත රැගෙන ආවේ නම් කල් තියාම මෙම හිමයන්ගේ සියදිවි නසා ගැනීම අනුමත කරන මෙම පිරිස නීතිය ඉදිරියට නොයවන්නේ මන්ද?
සිය දිවි නසා ගැනීමට තැත් කිරීම ශ්‍රි ලංකාවේ නීතිය අනුව දඩුවම් ලැබිය යුතු වරදකි. තමන් සිය දිවි නසා ගන්නා කියන මේ බෞද්ධ පූජකයා හා ඒ අනුමත කරනා බෞද්ධ යැයි කියා ගන්න පිරිස, මේ නීතිය ක්‍රියාත්මක වන රටක් නම් දැන් සිටිය යුත්තේ රිමාන්ඩ් බාරයේය.
එහෙත් නීතියත් ජෝක් එකෙක් වී තිබෙන මෙරටේ මේ බෞද්ධ පූජකයන්ගේ ක්‍රියා කලාපයන් ජෝකර් වැඩ ලෙස සැලකෙන නිසා දෝ නීතිය ක්‍රියාත්මක වන ආයතන වගේ වගක් නැතිව සිටී.
ඒ පැත්තකට දැමුවද බුදුන් වහන්සේ දේසූ ධර්මය අනුවත් සිය දිවි නසා ගැනීම පාප කර්මයකි. ඒහෙත් වත්මන් බෞද්ධ ප්‍රජාවට මේ මහා වීර කමක් වී තිබෙ. ඒ අනුව පැමිණිය හැකි නිගමනය වන්නේ වත්මන් සිංහල බෞද්ධයන්ට බුදුන් දෙසූ නිර්මල බුදු දහමත් ජෝක් එකක් වීම නොවේද?අනෙක් ප්රශ්නය නම් බුදු දහම කෙළසන මේ විකාර විගඩම් දෙස බලා මහනායක හිමිවරු කරන්නේ කුමක්ද යන්නය.
TheIndependent