සිංහල රාවයේ ඉල්ලීම් පහක් ජනාධිපතිතුමාට |
ශ්රී ලංකාවේ ගව ඝාතනය නැවැත්වීම සඳහා මාස දෙකක් ඇතුලත නීති සම්පාදනය කරන බව ජනාධිපතිවරයා දැනුම් දුන්නේ යයි සිංහල රාවය සංවිධානය පවසයි.
ගව ඝාතනයට එරෙහිව එම සංවිධානය දකුණෙන් ඇරැඹු පා ගමන අරලියගහ මන්දිරය අසලින් අවසන් වූයේ ගව ඝාතනය නතර කිරීම ඇතුළු ඉල්ලීම් පහක් ඇතුළත් අත්සන් දස ලක්ෂයක් සහිත පෙත්සමක් ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙත භාරදීමෙනි.
එහිදී ජනාධිපතිවරයා තමන්ට එම පොරොන්දුව දුන් බවයි, සිංහල රාවය ජාතික සංවිධානයේ සභාපති අක්මීමන දයාරත්න හිමියෝ පැවසූහ.දකුණේ සිට පා ගමනින් පැමිණෙන අතරවාරයේ තංගල්ල ප්රදේශයේ රජයේ අවසර ලත් ගව මස් අලෙවි හලකට ප්රහාරයක් එල්ල කළ බවට කෙරෙන චෝදනාව ප්රතික්ෂේප කළ එහිමියෝ එම සිදුවීම හෙලා දකින බවද සංදේශයට කියා සිටියේය.