මියගිය සැමියාගේ දේහය භාර ගැනීම බිරියන් තිදෙනාම ප්‍රතික්ෂේප කරලා !

රජයේ වියදමින් අවමංගල්‍යය සිදු කරයි

නීත්‍යානුකූල විවාහක බිරිය සිටියදී ඇයට හොරෙන් තවත් කාන්තාවන් දෙදෙනෙකු සමඟ පවුල් ජීවිත ගත කළ පුද්ගලයකු හදිසි අනතුරකින් මියයෑමෙන් පසු ඔහුගේ මෘත ශරීරය අවසන් කටයුතු සඳහා භාර ගැනීමට බිරියන් තිදෙනාම ප්‍රතික්ෂේප කිරීමේ සිද්ධියක් කොළඹ මහ රෝහලේ පැවැත්වූ මරණ පරීක්ෂණයකදී අනාවරණය විය.එහිදී වාර්තා වූ අන්දමට සිද්ධිය මෙසේ ය.

ගොඩනැගිලි කොන්ත්‍රාත්කරුවකු වන මේ පුද්ගලයාගේ වයස අවුරුදු පනස් තුනකි. මොහු වැඩිපුරම වැඩභාරගෙන කටයුතු කළේ ගම්පහ ගාල්ල හා කොළඹ යන ප්‍රදේශවලය. මේ ස්ථාන තුනේම ඔහුට බිරියන් තිදෙනකු සිටියහ. ගම්පහ බිරියට දූ දරුවන් පස්දෙනකු ද ගාල්ල බිරියට සිව්දෙනෙකු හා කොළඹ බිරියට දෙදෙනකු ද වූහ. කොළඹ පදිංචි බිරිය සමඟ සිටියදී හදිසි අනතුරකින් මොහු කොළඹ ජාතික මහ රෝහලට ඇතුළු කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්විය.

මේ පිළිබඳව පැවැත්වූ මරණ පරීක්ෂණ දිනයේදී බිරියන් තිදෙනාම උසාවිය හමුවට කැඳවනු ලැබූහ.ගම්පහ පදිංචි බිරිය මේ මරණ පරීක්ෂණයේ දී පළමුව සාක්කි දෙමින් ගොඩනැගිලි කොන්ත්‍රාත්කරුවකු වන සැමියා සමඟ විසි අවුරුද්දකට ඉහතදී නීත්‍යානුකූලව විවාහ වූ අතර ඔහු තමාට හොරෙන් තවත් කාන්තාවන් දෙදෙනකු සමඟ යුගදිවි ගත කළ බව අදවනතුරු නොදන්නා බව කීවාය.


අනෙක් බිරිය වන තරුණ පෙනුමකින් යුත් ගාල්ලේ පදිංචි කාන්තාවක දෙවනුව සාක්කි දෙමින් මේ තැනැත්තා කලින් විවාහ වූ කනෙකු බව නොදැන ඔහුත් සමඟ එකට ජීවත් වූ අතර කිසිදු අඩුවක් නො තබා ඔහු තමාට සැලකූ බවත් කියා සිිටියාය.කොළඹ පදිංචිකාරියක වන තවත් කාන්තාවක අවසාන වශයෙන් සාක්කිදෙමින් කියා සිටියේ මේ තැනැත්තා සමඟ සම්බන්ධකමක් පවත්වා වෙනම නිවෙසක ඔහුත් සමඟ එකට ජීවත් වූ අතර ඔහුට තවත් බිරියන් ;දදෙනකු සහ ළමයින් සිටි බවක් නො දන්නා බවත් අවසන් කටයුතු සඳහා ඔහුගේ මෘතශරීරය භාර ගෙන කටයුතු කිරීමට තමාට වත් පොහොසත් කමක් නොමැති බවත්ය.

බිරියන් තිදෙනාම භාර ගැනීමට අපොහොසත් වූ මේ මෘතශරීරය පිළිබඳ අවසන් කටයුතු රජයේ වියදමෙන් සිදු කිරීමට තීරණය විය.

Gossip Lanka Hot News Previous News Archive