සිය සුඛෝපභෝගී වාහනයක් තුළදී විවාහක කාන්තාවන් රවටා වාහනයට නංවාගෙන ගොස් අසභ්‍ය වීඩියෝ දර්ශන පෙන්වා එම කාන්තාවන්ගෙන් මුදල් වංචාකාරී ලෙස කාලයක් තිස්‌සේ ලබාගෙන ඇති බවට සැකපිට මාතර කොට්‌ඨාස දූෂණ මර්දන අංශය විසින් ඉකුත් 10 දා මාතර බණ්‌ඩත්තර පාලම අසල දී ටියුෂන් ගුරුවරයකු වාහනයක් සමඟ අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්‌ථාවේදීත් වාහනය තුළ අසභ්‍ය වීඩියෝ සංයුක්‌ත තැටි 27 ක් තිබී ඇත.මෙම සැකකරු කඹුරුපිටිය ප්‍රදේශයේ ඇතුළු ප්‍රදේශ ගණනාවක ටියුෂන් පන්ති ගුරවරයෙක් ලෙස කටයුතු කර ඇති අතර ටියුෂන් පන්තිවලට පැමිණෙන දරුවන් මාර්ගයෙන් එම දරුවන්ගේ මව උපාය මාර්ගයෙන් මිතුරු කර ගන්නා බවට පොලිසිය පවසයි.
මෙම දරුවන් ටියුෂන් පන්ති වලට රැගෙන එන මව යහළුකර ගැනීමට බොහෝදුරට සැකකරු විසින් එම දරුවා තම වාහනයෙන් දරුවා පදිංචි නිවසට ගෙන ගොස් භාරදෙන බවත් එහිදී දරුවාගේ මව සමඟ මිතුරුකමක් පවත්වා පසුව අතරමගදී වාහනයට නංවාගෙන අසභ්‍ය වීඩියෝ දර්ශන ඔවුනට පෙන්වන බවට පොලිසිය පවසයි.එසේ රවටාගත් කාන්තාවන් හෝටලයකට රැගෙන යන බවත් එහිදී කාන්තාවන් පැළඳ සිටින රන්බඩු ද එම කාන්තාව රවටා ලබා ගන්නා අතර එක් කාන්තාවකගෙන් ලක්‍ෂ ගණන් මුදුල්ද ලබාගෙන ඇති බවට සනාථ වී ඇතැයි ද පොලිසිය පවසයි.
විශේෂයෙන් සැකකරු විදේශගතව සිටින කාන්තාවන් මෙසේ රවටාගෙන ඇතැයි ද පවසන පොලිසිය මෙම සැකකරු පිළිබඳ මාතර කොට්‌ඨාස අපරාධ විමර්ශන අංශයට ලැබුණු තොරතුරක් මත සැකකරුගේ දුරකථන අංකය ලබා ගෙන පරීක්‍ෂණ පවත්වා සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. අසභ්‍ය වීඩියෝ පට තමා සන්තකයේ තබා ගැනීමේ චෝදනාව මත සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත මාතර කොට්‌ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්‌ථානාධිපති ප්‍ර.පො.ප. ධම්මික හපුගොඩ, පො.ප. පී. එස්. සී. සංජීව, උ.පො.ප. ධමින්ද, පො.සැ. 666 අතුල, 55814 මෙන්ඩිස්, 2540 ගමගේ, 56209 ජයලත්, පො.කො. 45455 සුජිත්, 52590 සමන්ත හා පො.කො. 1803 ප්‍රමිලා යන නිලධාරීන් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.