බොහොම සතුටුයි. සම්මානයක් නොලැබුණත් අපේ රටේ හොඳම නිළිය හැටියට සම්මානයකට නිර්දේශ වීමම සතුටුදායක දෙයක්, අපේ රටේ ටෙලි නාට්‍ය බිහිවෙනවත් ඉතා වැඩියි. ඒ අතරෙ හොඳ නිර්මාණත් බිහි වෙනවා. එවැනි නිර්මාණයකින් හොඳම නිළිය හැටියට නිර්දේශ වෙනවයි කියන්නෙත් රංගන ශිල්පිනියකට ලොකු වටිනාකමක්.
රංගන ශිල්පිනියක් හැටියට සම්මානය කියන දෙය බලපාන්නෙ මොන විදියට කියලද ඔයා හිතන්නෙ?
ඇගැයීම් ලබන්න කවුරුත් කැමැතියි. ඒකයි ඇත්ත. සම්මානනීය ඇගැයීමකින් ධෛර්යයක් වගේම වඩාත් වගකීමෙන් වැඩ කළ යුතුයි කියන ඥානය ලැබෙනවා. වැඩක් කරද්දී තව තවත් හිතන්න පෙලඹවීමක් ඇති කරවනවා. උපරිමයෙන්ම කරන්න පොලඹවනවා. කළදේට වඩා වැඩි දෙයක් කරන්න සොයා යනවා. කලින් අඩුපාඩු දකින්න පෙලැඹෙනවා. ඇත්තටම ඉබේම වගකිව යුතු තැනකට යොමු වෙනවා.
ඔයාට මුලින්ම සම්මානයක් හිමි වුණේ?
පාසල් වේදිකාවෙන් පස්සෙ ප්‍රසිද්ධ වේදිකාවක මාව මුලින්ම ඇගැයුනේ අබා චිත්‍රපටයෙන්, හොඳම නිළිය හැටියට මුලින්ම මට සරසවි සම්මානය හිමි වුණා. ඊට පස්සෙ අබා චිත්‍රපටයටම OCIC සිග්නීස් සම්මාන උළෙලේ හොඳම නිළිය හැටියට සම්මාන ලැබුණා.
මෙවර රයිගම් ටෙලි සම්මාන උළෙලේ හොඳම නිළිය සම්මානයට නිර්දේශ වෙච්ච දිසාලාගේ භූමිකාව ඔයාට
දැනුණෙ කොහොමද?
' මහ පොළොව අපේ නොවේ' ටෙලි නාට්‍යයේ දිසාලා හොඳ චරිතයක්. නිළියක් හැටියට මට ඒක හොඳ අවස්ථාවක්. එදිනෙදා දකින ගැහැනු ළමයකුට වඩා ඇය වෙනස්. වැදි දැරියක්ව අතරමං වෙච්ච ඇයව හදාවඩා ගත් පියාගෙ මරණයත් එක්ක ජීවිතයේ විවිධ හැල හැප්පීම්වලට ඇය මුහුණ දෙනවා. විශ්වවිද්‍යාලයට එන්නෙ ඉගෙනගෙන සල්ලි හරිහම්බ කරගන්න නෙවෙයි, දැනුම ලබා ගන්න. ඒ අතරෙ පියාගේ මිනීමරුවා සොයා ගන්නත් අරගලයක යෙදෙනවා. ඇතැම් වෙලාවට තමන්ගෙ අම්මාට, තාත්තාට නොසලකන දරුවො ඉන්න කාලෙක ඇය පියා වෙනුවෙන් කරන කැපකිරීම සහ වෙහෙස පුදුම සහගතයි.
එතකොට කොහොමද ඔයා දිසාලා වෙනුවෙන් ආවේශය සකසා ගත්තෙ?
පිටපතෙන් මං දැක්ක දිසාලා සහ අධ්‍යක්‍ෂවරයා දුටු දිසාලා ගැන කතා කරමින් තමයි ඒ ආවේශය සකසා ගත්තෙ.
ඒ වෙනුවෙන් අධ්‍යක්‍ෂවරයාගෙන් ලැබුණෙ මොනවාගෙ විධානද?
ජයලත් මනෝරත්න කියන අධ්‍යක්‍ෂවරයාගෙ අධ්‍යක්‍ෂණයට ලක්වෙන්න ලැබිච්ච මුල්ම අවස්ථාව මේ. ඇත්තටම මනෝ අයියා බොහොම සුන්දර මනුස්සයෙක්. අපූරු අධ්‍යක්‍ෂවරයෙක්. හැම වෙලාවෙම චරිතය සම්බන්ධයෙන් අපි අතරෙ තිබුණෙ සම අදහස්. අනවශ්‍ය විදියට මේ මෙහෙම කරන්න කියල කිව්වෙ නෑ. ඇතැම් දර්ශන අනුරාධපුර පැත්තෙ වගේම කොළඹ පොදු ස්ථානවලත් රූපගත කෙරුණා. දිසාලාගෙ සාමාන්‍ය සරල විලාසයත් එක්ක එවැනි ස්ථානවල රූපගත කිරීම්වලදී පුංචි පැකිළීමක්වත් දැනුනෙ නෑ. චරිතයක් කරද්දි මං ඒ චරිතයට මුළු හිතින්ම ආදරය කරන නිසා ඒ වෙලාවට බාහිර ලෝකය ගැන මට අමතක වෙනවා.
දිසාලාගේ චරිතය ඔයා නිරූපණය කළ ආකාරය ගැන ප්‍රවීණ නිළි අයිරාංගනී සේරසිංහ මහත්මියත් වරක් අප සමඟ ප්‍රශංසාත්මකව කතා කළා.
සේරසිංහ මහත්මිය මම දැකපු නිරහංකාර නිහතමානී චරිතයක්. දෙවරක් පමණ එතුමිය මට රඟපෑමේදී හමුවුණා. ඇය පරතෙරටම රංගනය ඉගෙන ගත්ත අති දක්‍ෂ ශිල්පිනියක්. ඇය බොහොම නිහඬ කෙනෙක්. මට හිතෙන්නෙ වැඩක් කරද්දි ඒ ඇය අධ්‍යයනය කරන විදිය වෙන්නැති. හුඟක් වෙලාවට මාත් එහෙමයි. ඒ නිහඬකමට මාත් හුරු පුරුදු වුණා. ඇය බොහොම සැහැල්ලුවෙන් චරිතගත වෙනවා.
ඔයා හිතන විදියට රංගන ශිල්පිනියකට හැදෑරීම කියන දේ අවශ්‍යද?
හැදෑරීම අනිවාර්යයෙන්ම අවශ්‍යයි. ඊට පස්සෙ අභ්‍යාසයේ යෙදෙන්නත් ඕනෑ. නැත්නම් හැදෑරූ දෙයින් වැඩක් නැතිව යනවා. ඒත් ලංකාවෙ රංගන පාසල් බිහිවෙලා නැහැනෙ. මෑතකදිනෙ යුනිවර්සිටියේ නාට්‍ය හා රංග කලාව හදාරන්න යොමු කෙරුණෙ. ඇත්තට අපේ රටේ එහෙම අවස්ථා අඩුකම තියෙනවා. කැමරාව ඉදිරියෙන්මයි ඔපනඟා ගන්න වෙන්නෙ. මේ වටපිටාවෙ හැම තැනකදීම කරන්න පුළුවන් හොඳම දේ කරන්න තමයි තියෙන්නෙ.
මේ වෙනකොට ඔයාගෙ වෘත්තිය?
වෘත්තියෙන් මම නර්තන ගුරුවරියක්. එක්තරා විදියකට රඟපෑමත් වෘත්තියක් වාගෙ. මේ හින්ද මං සමාජයේ සුවිශේෂ චරිත දෙකක් තුළ ජීවත් වෙනවා කියලයි හිතෙන්නෙ. ගුරුවරිය නිසා ගෞරවනීයත්වයත්, රංගන ශිල්පිනිය නිසා ජනප්‍රියත්වයත් ආදරයත් නොඅඩුව ලැබෙනවා. ඒක හැමෝටම ලබන්න බැරි දෙයක්.
ගුරුවරියක් වීම නිසා ඔයා තුළ ඉන්න රංගන ශිල්පිනියට සීමාකම් පැනවෙන්නෙ නැද්ද?
ගුරුවරියක්වීම නිසා නෙමෙයි. ඕනෑම කෙනෙකුට සීමාකම් තියෙනවා. ඒ සීමාකම් වෙනස් වෙන්නෙ ජීවන රටාවත් එක්ක. මගේ පැත්තෙන් ගත්තොත් මේ වෘත්තීන් දෙකම දරාගෙන ඉන්න ලැබීම භාග්‍යයක් විදිහටයි මං සලකන්නෙ.
පාසල තුළ ඔයාට තියෙන්නෙ මොනවගේ පිළිගැනීමක්ද?
දරුවො, මවුපියන්, සහෝදර ගුරු මහත්මීන් ආදරයෙන් වැලඳ ගන්නවා. ඒ හැමෝටම මං ගැන සතුටුයි. ඒ වගේම ආඩම්බරයි.
ධම්මිකා අක්මීමන