පළාත් සභා මන්ත්‍රි ආනන්ද සරත් කුමාර විසින් දණ ගැස්සූ බව කියන ගුරුවරියගේ නිවෙස අසලට සෙනසුරාදා රාත්‍රි යතුරුපැදි දෙකකින් පැමිණ ඇතැයි කියන සැකකටයුතු පුද්ගලයන් දෙදෙනකු සිද්ධියට මැදි වූ ගුරුවරියගේ සැමියාගේ නම කියමින් මහ හඩින් කතාකොට ඔහු ෙදාර අරිනවාත් සමඟ ඔවුන් පලාගොස් ඇත.නවගත්තේගම පොලිසිය සඳහන් කෙළේ ඒ පිළිබඳ ඊයේ (16දා) උදේ එම ගුරුවරියගේ සැමියා විසින් මතු ආරක්ෂාවට පොලිසියට පැමිණිලි කොට ඇති බවයි.
එම ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරියකු පැවැසුවේ එම පැමිණිල්ල පිළිබඳ කඩිනම් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි.මෙදින රාත්‍රි එම ගුරුවරියගේ නිවෙස අසලට පැමිණ පලාගිය පිරිස සෙවීම සඳහා පොලිස් කණ්ඩායමක් යොදවා තිබේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස ආණ්ඩුකාරවරයාට, ප්‍රධාන අමාත්‍යවරයාට ලිඛිතව දන්වා ඇති බවත් ප්‍රාදේශීය දේශපාලනඥයාගේ තර්ජනයට මැදි වූ ගුරුවරියට වෘත්තීමය ආරක්ෂාව සලසන ලෙසද ලංකා ගුරු සංගමය අදාළ බලධාරීන්ට දන්වා තිබේ.
අධ්‍යාපන අධීක්ෂණ මන්ත්‍රිවරයා යැයි නම් කරගන්නා එක්සත් ජනතා නිදහස් සන්ධාන වයඹ පළාත් සභා මන්ත්‍රි ආනන්ද සරත් කුමාර, නවගත්තේගම විද්‍යාලයේ ගුරුවරියකට තර්ජනය කොට දණගස්වා පහරදීමට තැත් කිරීම අධ්‍යාපන ඉතිහාසයේ පිළිකුල් සහගතම ක්‍රියාවක් වන්නේ යැයි විදුහල්පති වෘත්තීය සමිති එකමුතුව පවසයි.
එම එකමුතුව වෙනුවෙන් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතාගේ අස්සනින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් අවධාරණය කරන්නේ එම නින්දිත ක්‍රියාවෙන් අනතුරුව අදාළ ගුරුවරියගේ නිවෙස අසලට පැමිණි මන්ත්‍රිවරයාගේ මැර පිරිස් බරපතළ බලපෑමක් ගුරුවරියට සිදුකරමින් සිටින බවයි.
ව්‍යවස්ථානුකූල නොවන අධ්‍යාපන අධීක්ෂණ මන්ත්රිකම් ඇතුළු නීත්‍යනුකූල නොවන බලයක් මෙවැනි දේශපාලනඥයන්ට පිරිනමමින් ඔවුන් හරහා පාසල් විනය පරීක්ෂා කිරීමට යෑම හරහා විවිධ ගැටලු නිර්මාණය වීමට අවශ්‍ය වාතාවරණය සකස් කර ඇතැයි පවසන ගුරු විදුහල්පති වෘත්තීය සමිති එකමුතුව අධ්‍යාපන පද්ධතිය දේශපාලනීයකරණය කිරීමෙන් උද්ගත වී ඇති ගැටලුවලට අධ්‍යාපන ඇමැතිවරයා ඇතුළු රජය වගකිවයුතු යැයි අවධාරණය කරයි.
එම සිද්ධියට අදාළව බලධාරීන් දක්වන ප්‍රතිචාර අනුව ඉදිරි ක්‍රියාමාර්ගවලට යොමුවන බවද ඔවුහු සිය නිවේදනයෙන් පවසති.