මහේල හා ඩිල්ෂාන් ICC යෙන් සමාව ගනී

ඊයේ පැවති චැම්පියන්ස් කුසලාන ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර තියුණු තරගයේදී දවාගැනීම් සඳහා විනිසුරුවන්ට පීඩනයක් ගෙන දෙමින් අධික ඉල්ලීම් කිරීම සම්බන්ධයෙන් මහේල ජයවර්ධනට සහ තිලකරත්න ඩිල්ෂාන්ට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් අවවාද කර තිබේ.මෙහිදී, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය පවසා තිබෙන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියක දවා ගැනීම් සඳහා ඉල්ලීම් කිරීමට අදාළ ආචාර ධර්ම පද්ධතිය මෙම ක්‍රීඩකයින් දෙදෙනා විසින් ඊයේ තරගයේදී බිඳ දමා තිබෙන බවයි.

ඉතාමත් තියුණු තරගයක් වූ මෙම තරගයේදී තමන්ගේ හැසිරීම පිළිබඳව තිලකරත්න ඩිල්ෂාන් හා මහේල ජයවර්ධන යන දෙදෙනාම සමාව ඉල්ලා සිටි බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ තරග තීරක Andy Pycroft පවසා ඇත.ප්‍රංශ පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කරන්නේ විනිසුරුවන්ට පීඩනයක් ඇතිවන පරිදි ඩිල්ෂාන් හා මහේල දවා ගැනීමේ ඉල්ලීම් කළ බවට චෝදනා ගොනුකර තිබෙන්නේ විනිසුරුවන් වන Bruce Oxenford, Rod Tucker සහ Ian Gould විසින් බවයි.

විනිසුරුවන්ට පීඩනයක් ඇතිවන පරිදි අමතර ඉල්ලීම් කිරීමට ලබාදෙන අවම දඬුවම නිළ වශයෙන් අවවාද කිරීම වන අතර ඊළඟ අදියරේදී ක්‍රීඩකයාගේ තරග ගාස්තුවෙන් සියයට 50 ක් කපා දැමිය හැකිබව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය පවසා ඇත.
*Former Sri Lankan captains Mahela Jayawardene and Tillakaratne Dilshan have been reprimanded for appealing excessively during Sunday’s tense Champions Trophy clash against New Zealand.

Gossip Lanka Hot News Previous News Archive