ඇය කටකාරයි. ඒ වගේම ආකර්ෂණීයයි. මේ දිනවල පුංචි තිරයෙන් ඇය ඔබේ ආලින්දයට එනවා. ඇය ලෝචනා ඉමාෂි.අප ලෝචනා සමඟ එකතු වුණේ ලස්සන ගැන කතා කරන්න...
• ලෝචනා මේ දවස්වල ගොඩක් ලස්සන වෙලා නේද?
ඔව්. වෙනසක් තියෙනවා. හැමෝම කියනවා මම ලස්සන වෙලා කියලා. මම අඳින විදියේ වෙනසක් කළා.
• ඒ කියන්නේ විලාසිතා වෙනස් කළාද?
ඔව්. ඉස්සර මං විලාසිතා ගැන රූපය ගැන ඒතරම් හිතුවේ නැහැ. දැන් එහෙම නෙවෙයි විලාසිතා ගොඩක් ආසාවෙන් කරනවා.
• විලාසිතා කරන්න ඇයි මෙච්චර පරක්කු වුණේ?
මම ඉස්සර ගොඩක් චාම් ඇඳුම් ඇන්දේ. කොහේ ගියත් ඩෙනිමයි, ටී ෂර්ට් එකයි ඇන්දේ. දැන් එහෙම නැහැ. විලාසිතා ගැන ගොඩක් හිතනවා. පිටරට විලාසිතා බලනවා. අලුතින් එන ඩෙනිම් ගැන ලොකු අවධානයකින් ඉන්නේ.
• කොහොමද පිටරට විලාසිතා අපේ රටට ගළපා ගන්නේ?
ඇත්තටම ලංකාවේ අය විලාසිතා කරන විට නොගැළපෙන දේවල් කරනවා. ඒත් අපිට අපේ දේශගුණය හා පරිසරය ගැන වැටහීමක් තියෙන්න ඕනි. මොන රටක විලාසිතා ගැන උනන්දු වුවත් ඒවා තමන්ට ගළපාගන්නවා නම් ප්රශ්නයක් නැහැ.
• ලස්සන වෙන්න නිවෙසේදී මොනවද කරන්නේ?
මගේ අක්කට සැලුන් එකක් තියෙනවා. ඒත් සැලුන් එකට වැඩිපුර යන්නේ නැහැ. මම මේකප් කළාට පස්සේ ඒවා හොඳින් ඉවත් කරනවා. මම පාවිච්චි කරන්නේ බේබි ක්රීම්. අනික කෝමාරිකා, කහ වගේ දේවල් ගාන්න හිතුවත් මඟ හැරෙනවා.
• ශරීරයේ හැඩය පවත්වාගෙන යන්නේ කොහොමද?
විශේෂයෙන් මොකුත් කරන්නෑ. මගේ පවුලේ හැමෝම කෙට්ටුයි. ඒත් එයාලා බැන්දට පස්සේ මහත් වුණා. මට හොඳටම විශ්වාසයි මාත් ඒ වගේ මහත් වෙයි කියලා. දැනට එහෙම ප්රශ්නයක් නැහැ.
• සම ගැන විශේෂ අවධානයක් තියෙනවද?
උපතින්ම ලස්සන සමක් තිබුණා. ඒත් ෂූටින් නිසා අව්වට කළු වෙලා. මොකද මූණට මේකප් කළාට අත්, කකුල්වලට මේකප් කරන්නේ නැහැනේ. ඒ හැරෙන්න මම හොඳට වතුර බොනවා. එළවළු, පලතුරු කනවා.
• හිසකෙස් බලාගන්නේ කොහොමද?
මම හිසකෙස්වලට ගොඩක් වධ දෙන නිසා ඔයිල් ටී්රට්මන්ට් අනිවාර්යයෙන්ම කරනවා.
• ලෝචනා වැඩිපුරම කැමැති මොනවගේ පලඳනාවලටද?
මම හෙවි ජුවලරි දාන්නේ නැහැ. ෆන්ක්ෂන් එකකට හැරෙන්න එදිනෙදා ගමනට වැඩිපුර දාන්නේ රත්රං කරාබු දෙකකුයි රත්රං මාලයකුයි විතරයි.
• අනික් විලාසිතා?
ඔරලෝසු බඳින්න කැමැතියි. මේ දවස්වල තියෙන මහත ඔරලෝසුව මට හොඳට ගැළපෙනවා. ඒ වගේම ඉස්සර මම තද වර්ණවලට කැමැති නැහැ. දැන් මම රතු ලිපිස්ටික්, රෝස, රතු වැනි කියුටෙක්ස් ගානවා.
* ලෝචනාගේ කටකාර කමත් විලාසිතාවක්ද?
අනේ නැහැ. ඒ උපතින්ම තියෙන ැ.
ලයනි රසිකා නිරෝෂිණී