ලන්ඩනයේදී විරෝධය පෑ කොටි හිත වාදින්ට ගුටි - LTTE supporters protest at Oval Ground

"ලන්ඩනයේදී අපේ ක්‍රිකට් කණ්ඩායමට විරෝධය පෑ කොටි හිත වාදින්ට සිංහල ක්‍රිකට් ලෝලීන්ගේ විරෝධය "
ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර පෙරේදා (17දා) එංගලන්තයේ ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වූ එක්දින තරගයෙන් පසු ක්‍රීඩාංගණයෙන් පිටත ශ්‍රී ලංකාවට විරුද්ධව උද්ඝෝෂණයක නිරත වූ දෙමළ තරුණ තරුණියන් පිරිසකට සිංහල ක්‍රිකට් ලෝලීන් විසින් පහරදීමක් සිදුකර තිබේ.
මේ විරෝධතාව පැවැත්වෙන විට ලන්ඩන් ඕවල් ක්‍රීඩාංගණයේ ප්‍රධාන ‍ෙදාරටුව අවට පොලිස් නිලධාරීන් රැසක් සේවයේ යෙදී සිට තිබේ. පොලිස් නිලධාරීන් ආරක්ෂක කටයුතුවල නිරත වුවත් උද්ඝෝෂණයේ නිරත වූවන් එල්ටීටීඊ ධජ රැගෙන ශ්‍රී ලංකාවට විරුද්ධ අත් පත්‍රිකා බෙදා දී ඇති අතර තරගය නරඹා පිටතට පැමිණෙමින් සිටි සිංහල පිරිස් මොවුන්ට බෝතල්, ගල්වලින් හා අතින් පයින් පහර දීම නිසා උද්ඝෝෂකයන් කීප දෙනකු තුවාල ලැබූ බව අන්තර්ජාතික දෙමළ මාධ්‍ය වාර්තා කර තිබේ.

ශ්‍රී ලංකාවට විරුද්ධ මේ උද්ඝෝෂණය සඳහා ළමයින් ඇතුළු දෙමළ ක්‍රියාකාරීන් 50-60 ක් පමණ සහභාගිී වී ඇත. පොලිසියේ අවසරය සහිතව මේ විරෝධතාව පැවැත්වෙද්දී තරගය නැරැඹීමට පැමිණි සිංහල තරුණ පිරිස් විරෝධතාකරුවන් මැදට කඩා වැදී ඔවුන් අත තිබූ විරෝධතා පුවරු පැහැර ගැනීමට උත්සාහ දරා තිබේ. දෙමළ විරෝධතාකරුවන් ඊළාම් දේශය දැක්වෙන ටී ෂර්ට් ඇඳ පසුගිය දින කීපය තිස්සේම මේ විරෝධතා ව්‍යාපාරයේ නිරත වී තිබූ බව මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
මේ කලබලය හේතුවෙන් කිසිවකු අත්අඩංගුවට ගෙන නැතැයි මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පවසයි.
-මව්බිම පුවත්පත ඇසුරිනි-

ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලංකිකයින් කොටි හිතවාදී පිරිස් වලට එරෙහිව නැගීසිටි ආකාරය පහත වීඩියෝවෙන් නැරබිය හැක.










*Sri Lankans who lives in United Kingdom turned down LTTE supporters protest at Oval Ground

Gossip Lanka Hot News Previous News Archive