බස් ටිකට් වෙනුවට පෙර ගෙවුම් කාඩ් - Prepaid card system for bus commuters

බස් මඟීන් උදෙසා හඳුන්වා දෙනු ලබන පෙර ගෙවුම් කාඩ්පත් ක්‍රමය අනිද්දා (10) සිට හඳුන්වා දෙනු ලැබේ. මෙහි නියාමක ව්‍යාපෘතිය මාර්ග අංක 138 කොට්ටාව - පිටකොටුව හා මත්තෙගොඩ - පිටකොටුව අතර ක්‍රියාත්මක කෙරේ.

මෙහිදී මඟියාට ඕනෑම ඩයලොග් ආයතනයකින් රුපියල් 200 ක ආපසු ගෙවන තැන්පතු මුදලක් ගෙවා පෙර ගෙවුම් කාඩ්පතක් ලබාගත හැකි අතර එය තමන් අවශ්‍ය වටිනාකමකට ගිණුම් ගත කර හැකිය. මඟියා විසින් කොන්දොස්තරට කාඩ්පත ඉදිරිපත් කළ විට ටිකට් යන්ත්‍රයට සමාන යන්ත්‍රයක් මඟින් එය ගිණුම් ගත කරනු ලැබේ. එහිදී මඟියාට ලැබෙන ප්‍රවේශ පත්‍රයේ ලබාගත් මුදලට අමතරව ඉතිරිව ඇති මුදල පිළිබඳ විස්තරයක් ද සඳහන් වේ.

ශ්‍රී ලංකා මග බැංකුව මඟින් ඩයලොග් ආයතනයට මේ සඳහා අනුමැතිය ලබා දී ඇති අතර මහජන බැංකුව මඟින් ගිණුම් කටයුතු සිදු කෙරේ.මේ කටයුත්තට ආර්ථික සංවර්ධන කටයුතු අමාත්‍ය බැසිල් රාජපක්ෂ, මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් හා බස්නාහිර පළාත් ප්‍රවාහන අමාත්‍ය උපාලි කොඩිකාර යන මහත්වරුන්ගේ පූර්ණ දායකත්වය ලැබී ඇතැයි මේ සම්බන්ධව කළ විමසීමකදී ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසීය. 

Gossip Lanka Hot News Previous News Archive