ගල් ගසයි, හූ කියයි…
දකුණු පළාතේ විපතට පත් ධීවරයින්ගේ අවමංගල්‍ය කටයුතුවලට සහභාගි වී ආපසු එමින් සිටි විපක්‌ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිස ගමන් ගත් රථපෙළට බළපිටියේදී ඊයේ (11 දා) සවස මැර ප්‍රහාරයක් එල්ල විය.මේ හේතුවෙන් බලපිටිය ප්‍රාදේශීය සභාවේ විපක්‌ෂ නායක අසේල සොයිසා සහ එම ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඩබ්ලිව්. සෙනරත් යන මහත්වරුන් තුවාල ලබා බලපිටිය රෝහලට ඇතුළත් කර ඇත.
දකුණු පළාතේ විපතට පත් ධීවරයින්ගේ අවමංගල්‍ය කටයුතුවලට සහභාගි වී ආපසු එමින් සිටි විපක්‌ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිස ගමන් ගත් රථපෙළට බළපිටියේදී ඊයේ (11 දා) සවස මැර ප්‍රහාරයක් එල්ල විය.මේ හේතුවෙන් බලපිටිය ප්‍රාදේශීය සභාවේ විපක්‌ෂ නායක අසේල සොයිසා සහ එම ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඩබ්ලිව්. සෙනරත් යන මහත්වරුන් තුවාල ලබා බලපිටිය රෝහලට ඇතුළත් කර ඇත.
මෙහිදී විපක්‌ෂ නායකවරයා ගමන් ගත් රථයට සහ එජාප අවිස්‌සාවේල්ල ආසන සංවිධායක උපුල් වීරසිංහ මහතාගේ වාහනයට ද අලාභහානි වී ඇති අතර මැර පිරිස් විපක්‌ෂ නායකවරයා ගමන් ගත් නිල රථයේ දොරද විවෘත කරගෙන ඇත.පසුගියදා ඇතිවූ සුළි කුණාටුවෙන් ජීවිතක්‌ෂයට පත් ධීවරයන්ගේ අවමංගල්‍ය කටයුතුවලට සහභාගි වීමට විපක්‌ෂනායකවරයා සහ එජාප මහලේකම් තිස්‌ස අත්තනායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්‌ෂ මහත්වරුන් ඇතුළු පිරිසක් බේරුවල සහ බලපිටිය බලා පිටත් වී ඇත.
එහිදි බලපිටියේ තරුණ බෞද්ධ සමිති ශාලාව අසල ඇති අවමංගල්‍ය උත්සවයට සහභාගිවීමට විපක්‌ෂනායකවරයා කලින් අදහස් කළද එම ස්‌ථානයේ ඔහුට එරෙහිව පිරිසක් යම් කෝලාහලයක් ඇති කිරීමට සූදානමින් පසුවන බැවින් එම අවමංගල්‍ය උත්සවයට නොපැමිණෙන ලෙස බලපිටිය එජාප ආසන සංවිධායක අශෝක ධනවංශ මහතා විපක්‌ෂ නායකවරයා ඇතුළු පිරිසට උපදෙස් දී තිබේ.
එහිදි බළපිටියේ තරුණ බෞද්ධ සමිති ශාලාව අසල ඇති අවමංගල්‍ය උත්සවයට සහභාගිවීමට විපක්‌ෂනායකවරයා කලින් අදහස් කළද එම ස්‌ථානයේ ඔහුට එරෙහිව පිරිසක් යම් කෝලාහලයක් ඇති කිරීමට සූදානමින් පසුවන බැවින් එම අවමංගල්‍ය උත්සවයට නොපැමිණෙන ලෙස බලපිටිය එජාප ආසන සංවිධායක අශෝක ධනවංශ මහතා විපක්‌ෂ නායකවරයා ඇතුළු පිරිසට උපදෙස් දී තිබේ.
උපදෙස් අනුව පිරිස එම අවමංගල්‍යය උත්සවයට සහභාගි නොවී අනෙකුත් අවමංගල්‍ය උත්සවවලට සහභාගි වී ආපසු බලපිටිය තරුණ බෞද්ධ සමිති ශාලාව අසලින් එමින් සිටියදී මෙම සිද්ධිය ඇතිව තිබේ.
කලහකාරී පිරිස් විපක්‌ෂනායකයා ඇතුළු පිරිස ගමන් ගත් රථ පෙළ නවත්වා ගල් ප්‍රහාර සහ අතින් පයින් ප්‍රහාර එල්ල කොට ඇති අතර විපක්‌ෂ නායකවරයාගේ නිල රථයේ එක් දොරක්‌ද විවෘත කර ගෙන ඇත.
ඒ මොහොතේ වහාම ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් විපක්‌ෂ නායක ඇතුළු පිරිසට ආරක්‌ෂාව සපයමින් නැවත රථ පෙළ ඉදිරියට යැමට අවස්‌ථාව උදාකර දී තිබේ.
බළපිටියේ මිගෙට්‌ටුවත්තේ ධීවර මළගෙවල් දෙකකට ඊයේ (11 දා) විපක්‌ෂනායකවරයා පැමිණි අවස්‌ථාවේදී එයට බළපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති ඒ. දයාරත්න ද සිල්වා මහතා සමග ධීවරයන් ඇතුළු 400 ක පමණ පිරිසකගේ විරෝධය පළවීම නිසා විපක්‌ෂ නායකවරයා එම ධීවරයන්ගේ නිවාසවලට සහභාගි නොවී ආපසු ගියේය.මෙම කටයුත්ත සංවිධානය කළ එජාප ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් දෙපළක වන අජිත් අසේල ද සොයිසා සහ එම්. ඩී. සෙනරත් යන අයට මැර පිරිසක් පහරදුන් බව ඔවුන් ඊයේ (11 දා) අහුන්ගල්ල පොලිසියට පැමිණිලි කොට ඇත.
මේ පිළිබඳව බළපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගෙන් ඊයේ සවස (11 දා) විමසූ විට කිසිවකුට පහර නොදුන් බවත් ධීවරයන් ඇතුළු පිරිස නුසුදුසු ගමනක් ආ විපක්‌ෂනායකවරයාට විරෝධය පළකළ බවත් කීය.
පහර කෑමට ලක් වූයේ කියන ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් දෙදෙනා අහුන්ගල්ල පොලිසියට පැමිණිලි කිරීමෙන් පසුව බළපිටිය රෝහලට ඇතුළත් වී තිබේ.
මිගෙට්‌ටුවත්තේ ධීවර මළ ගෙවල් දෙක මගහැර වෙනත් ප්‍රදේශවල මළ ගෙවල්වලටත් බළපිටිය ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපතිවරයෙකු වූ අභාවප්‍රාප්ත රම්මුතු හොඳදාස මහතාගේ බේරතුඩුවේ නිවසටත් මෙහිදී විපක්‍ෂ නායක ඇතුළු පිරිස ගියහ.අම්බලන්ගොඩ පොලිසිය ආරක්‍ෂාව සැලසීය.
මෙහිදී අදහස් දැක්‌වූ බළපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති ඒ දයාරත්න ද සිල්වා මහතා - බළපිටියේ ධීවරයින් මියගිය දවසේ උදේ පාන්දර හතරේ ඉඳලා සේරම කටයුතු කළේ මා ඇතුළු පිරිසක්. සජින් ද වාස් ගුණවර්ධන මැතිතුමා මුල සිටම ඒ සියල්ල කළා. දැන් අපට තියෙන්නේ ධීවරයින්ගේ බෝට්‌ටු අරන්දෙන්නයි. ඒ දරු පවුල් රැකබලා ගන්නයි. එහෙම තියෙද්දී දේශපාලනය කරන්න විපක්‍ෂ නායකයා හරි වෙනත් කවුරු හරි බළපිටියට දැන් එන්න ඕනේ නැහැ. ඒකට ජනතාව විරුද්ධයි. අප එයට ඉඩ දෙන්නේ නැහැ.
සභාපතිවරයා ඇතුළු පිරිස විපක්‍ෂනායකවරයාගේ ගමන වැළැක්‌වීමට දැරූ උත්සහයට එරෙහිව තරුණ පිරිසක් හඬ නැගුහ. මෙම පිරිසේ අදහස වූයේ විපක්‍ෂනායකවරයාටත් ධීවරයින්ගේ මළ ගෙවල්වලට ගොස් ශෝකය පළ කිරීමට ප්‍රජාතන්ත්‍රවාදීව අයිතිය ඇති බවයි. බළපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ සහෝදරයන් ඇතුළු පිරිසක් තමන්ට පහර දුන් බව බළපිටිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී අජිත් අසේල ද සොයිසා මහතා කීය.
අජිත් අසේල ද සොයිසා මහතා මෙසේද කීය.විපක්‍ෂ නායකතුමා මිගෙට්‌ටුවත්තේ මළ ගෙවල්වලට අද ඒමට සිටියා. එතන සංවිධාන කටයුතු කරන්නයි අප යතර=e පැදියකින් ගියේ. මෙය බළපිටියේ නීච දේශපාලනයේ තවත් එක් රැඟුමක්.සිද්ධිය සම්බන්ධව විපක්‌ෂනායකවරයා එම මොහොතේදීම පොලිස්‌පතිවරයාටද දන්වා ඇත.