සිංහල රාවය ජාකි සංවිධානය විසින් කතරගම කිරිවෙහෙරේ සිට කොළඹ අරලියගහ මන්දරය දක්වා ගමන් කරන පා ගමන තංගල්ල ප‍්‍රදේශයේ මස් කඩයක දොරවල් ඇර එහි තිබූ ඩෙස් බංකු, මේස පුටු, පත්තර තරාදිය ඇතුළු සියලූ දේවල් එළියට දමා ගිනි තබා විනාශ කර ඇතැයි පොලීසිය පවසයි.
තංගල්ල පොදු වෙළෙදපොළෙහි කාමරයක පවත්වාගෙන ගිය ගව මස් කඩය ගිනි ගෙන ගින්න දුර දිග පැතිර ගොස් විනාශයක් වීමට ඉඩ නොදී තංගල්ල මූලස්ථාන පොලීසියේ නිලධාරීහු පිරිසක් වහාම එම ස්ථානයට පැමිණ ගින්න නිවා දැමූ බවද පොලීසිය සඳහන් කරයි.ගව මස් අලෙවිසල තංගල්ල නගර සභාවේ බලපත්‍රයක් යටතේ පවත්වාගෙන යනු ලැබුවකි.
සිංහල රාවය' සංවිධානය කතරගම කිරිවෙහෙර අබියසින් පසුගිය සෙනසුරාදා (15) ආරම්භ කළ 'අධිෂ්ඨාන පා ගමන' ඊයේ තංගල්ල නගරයට පැමිණියේය.එම සංවිධානයේ සභාපති අක්මීමන දයාරත්න හිමි සංවිධානයේ කැදවුම්කරු මාගල්කන්දේ සුදන්ත හිමි මහලේකම් මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි ඇතුළු හිමිවරුන් විසිපස් නමක් කිරිවෙහෙර අභියස සත්‍යග‍්‍රහයක් පැවැත්වීමෙන් පසුව ගිහි පැවිදි රැසකගේ සහභාගීත්වයෙන් එම පාගමන ආරම්භවිය.
තංගල්ල නගරයට පැමිණි භික්‍ෂුන් වහන්සේ වජිරගිරිය විහාරස්ථානයේ රාත්‍රිය ගතකොට නැවැත ඊයේ (18) උදෑසන 8.45ට පමණ තංගල්ල නගරයෙන් පා ගමනින් මාතර නගරය බලා පිටත්වූහ.
Sinhala Ravaya-led protest march against cattle slaughter