
*ඉතින් කොහොමද තරුෂි
"හොඳයි"
*විවේකයෙන් වගේ...?
ලොකු අවිවේකයක් නැහැ.
*අලුත්ම වැඩේ මොකක්‌ද?
ශිවගුරුනාදන් මහතාගේ මුතු පළස ටෙලි නාට්‍යයට සම්බන්ධ වෙලා කටයුතු කරනවා. ඒකේ රඟපෑම් මේ දිනවල සිදු වෙනවා.
*වෙන මුකුත් නැද්ද?
තව අලුත් නිර්මාණ කිහිපයකට ආරාධනා ලැබී තිබෙනවා.
*ඒ ඇරයුම් භාර ගන්නේ නැද්ද?
ඔක්‌කොම නෙවෙයි. තෝරලා බේරලා එකක් දෙකක් භාර ගන්නවා.
*ඇයි එකක් දෙකක් භාර ගන්නේ?
මම කාර්යබහුල වෙන්න කැමති නැහැ.
*ඒ ඇයි?
ඒක මගේ ප්‍රතිපත්තියක්.
*එච්චරද?
නැහැ වැඩිය කාර්ය බහුල වුණාම නිදහස නැති වෙනවා.
*නිදහස වගේ ද සල්ලි?
සල්ලි ඕනේ තමයි. නිදහසක් නැතුව සල්ලි හම්බ කරලා ජීවිතයේ විඳින්න දෙයක් ඉතිරි වෙන්නේ නැහැ.
*දැන් ඔබ ජීවිතය විඳිනවාද?
අපොයි ඔව්. මම සතුටින් ඉන්නවා.
*එතකොට ඔබට ජනප්‍රිය වෙන්න ඕනේ නැද්ද?
මම දැනටමත් යම් තරමකට ජනප්‍රියයි කියා මට හිතෙනවා.
*ඒ ඇතිද?
නිකං ජනප්‍රිය නිළියක් වෙලා වැඩක් නැහැනේ.
*එහෙනම්?
හොඳ නිර්මාණවලට දායක වීමෙන් ජනප්‍රිය වීම තමයි වටින්නේ.
*නිර්මාණ ගොඩක සිටීමෙනුත් ජනප්‍රිය වෙනවා නේද?
නිර්මාණ අතර නිතර සිටි පලියට ජනප්‍රිය වෙන්නේ නැහැ.
*කොහොමද ජනප්‍රිය වෙන්නේ?
ප්‍රේක්‍ෂකයන් අතරට යන්න පුළුවන් චරිතයක් හරහා එම චරිතයට සාධාරණය ඉටු කළ යුතුයි.
*ඒ කියන්නේ ඔබ ජනප්‍රියත්වය පසුපස යන්නේ නැද්ද?
කොහෙත්ම නැහැ. ලැබෙන විදිහට බාර ගන්නවා.
*ඔබ රංගනයට වඩා රූපලාවන්‍යයට මුල් තැන දීලා නේද?
ඔව් ඒක මගේ ව්‍යාපාරයයි. රඟපෑම මගේ විනෝදාංශයයි. රූපලාවන්‍යාගාරයේ කටයුතුවලට බාධාවක් නොවන විදිහට රංගන කටයුතු කරනවා.
*කාලෙන් කාලෙට රූපලාවන්‍යාගාරය තැනින් තැනට ගෙනියන්නේ ඇයි?
ඒ ඒ කාලෙට උචිත තැන් බලලා ව්‍යාපාරය මෙහෙයවනවා.
*නාවින්නේ අලුත් තැනකට රූපලාවන්‍යාගාරය අරගෙන ගියා නේද?
නාවින්න ආර්පිකෝ ආයතනය ඇතුලේ මගේ රූපලාවන්‍යාගාරයක් පවත්වාගෙන යන්න අවස්‌ථාවක් මට උදා වුණා. දැන් එය විවෘත කරලා පවත්වාගෙන යනවා. බොහෝ අය එතැනට එනවා.
*ගායිකාවක් හැටියටත් ඔබ ක්‍ෂේත්‍රයේ ජනප්‍රියයි නේද?
ජනප්‍රියත්වය කෙසේ වෙතත් මම ගීත ගායනා කරනවා. බොහෝ ප්‍රතිචාරත් ලැබෙනවා.
*කවදාද විවාහ වෙන්නේ?
ඒ ගැන ඉදිරියේදී දැනගන්න ලැබේවි.
*මොනවද ඉදිරි බලාපොරොත්තු
ප්‍රධානතම බලාපොරොත්තුව රූපලාවන්‍යාගාරයේ කටයුතු තව තවත් දියුණු කර ගැනීමයි. ඊට අමතරව කලා ක්‍ෂේත්‍රයට සාධාරණය ඉටු කරන්න ලැබෙන චරිත හා අවස්‌ථා ඔස්‌සේ මම බලාපොරොත්තු වෙනවා.
ලක්‌මිණි අතුකෝරළ
ඡායාරූප - සමන් අබේසිරිවර්ධන
තරුෂි ගේ නවතම රුපලාවන්‍යා ගාරය 17වන දින සුබ මොහොතින් නාවින්න ආර්පිකෝ මධ්‍යස්ථානයේදී ආරම්භවූයේ කලාකරුවන් ගේ සහ සුමේධ නම් ඇගේ පෙම්වතාගේද සහභාගීත්වයෙණි.