එංගලන්තයේ පැවැත් වෙන 7 වැනි චැම්පියන්ස් කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ විමට පෙර ශ්‍රී ලංකාව සහභාගි වන දෙවැනි පෙරහුරු තරගය අද ඉන්දියාව සමගින් බර්මින්ග්හැම් හි පිහිටි එඩ්බැස්ටන් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
පෙරේදා (30 ) පාකිස්තානය සමග ශ්‍රී ලංකාව සහභාගි වීමට නියමිත වූ පෙරහුරු තරගය වර්ෂාව හේතුවෙන් එකදු පන්දුවක් හෝ ක්‍රීඩා කිරීමට නොහැකිව අතහැර දැමීමට සිදුවිය. මෙම පෙරහුරු තරගය වර්ෂාවට සේදීයාම හේතුවෙන් අද පැවැත්වෙන පෙරහුරු තරගය ශ්‍රී ලංකාවට ඉතා වැදගත් වන අතර ඉන්දියාව සහභාගි වන පළමු පෙරහුරු තරගයද මෙය වේ.
අයි.පී.එල්. තරගාවලිය ක්‍රීඩා කිරීමෙන් තම කණ්ඩායමේ ක්‍රීඩකයන්ට කිසිදු තෙහෙට්ටුවක් නොමැති බවත් එම තරගාවලිය තුළින් හොඳ වර්ධනයක් තම ක්‍රීඩකයන් ලබාගත් බවත් ඉන්දියානු නායක මහේන්ද්‍ර සිං දෝනි එංගලන්ත මාධ්‍ය හමුවේ පවසමින් අද පෙරහුරු තරගයට සහභාගි වේ. අද තරගයට පසුව ශ්‍රී ලංකාව සහභාගි වන තෙවැනි සහ අවසන් පෙරහුරු තරගය ලබන 4 වැනිදා බටහිර ඉන්දීය කොදෙව් සමගින් පැවැත්වේ.තරගාවලිය ආරම්භ කරමින් ලබන 6 වැනිදා ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව තරග වදින අතර ශ්‍රී ලංකාව සහභාගි වන පළමු තරගය ලබන 9 වැනිදා නවසීලන්තය සමගින් පැවැත්වේ.
ශ්‍රී ලංකා කණ්ඩායම
ඇන්ජලෝ මැතිව්ස් (නායක), තිලකරත්න ඩිල්ෂාන්, කුෂල් පෙරේරා, කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, දිනේෂ් චන්දිමාල්, ළහිරු තිරිමාන්න, රංගන හේරත්, නුවන් කුලසේකර, ලසිත් මාලිංග, ෂමින්ද එරංග, දිල්හාර ලොකුහෙට්ටිගේ, සචිත්ර සේනානායක සහ තිසර පෙරේරා
ඉන්දියානු කණ්ඩායම
මහේන්ද්‍ර සිං දෝනි (නායක), රවීචන්ද්‍රන් අස්වීන්, ෂිකාර් දවන්, රවීන්ද්‍ර ජඩේජා, විරාත් කෝලි, දිනේස් කාර්තික් අමිත් මිෂ්රා, බී. කුමාර්, ඉර්µdන් පතන්, රෝහිත් ෂර්මා, මුරලි විඡේ, විනි කුමාර්, උමේෂ් යාදෙව්, ඉෂාන්ත් ෂර්මා