සිළුමිණ පුවත්පතේ පලවූ ලිපියක් හේතුවෙන් ජනාධිපති නීතීඥ විජේදාස රාජපක්ෂ මහතාට සිදුවූ අපහාසයකට වන්දි වශයෙන් රුපියල් කෝටි 50ක මුදලක් ඒ මහතාට ගෙවන ලෙස ලේක් හවුස් ආයතනයට දුන් නියෝගය කොළඹ දිසා අධිකරණය අද යළි තහවුරු කළේය.
ඒ, මීට පෙර ලබාදුන් එම නියෝගය අත්හිටුවන්නැයි, ලේක් හවුස් ආයතනය අධිකරණයෙන් කළ ඉල්ලීම ප්රතික්ෂේප කරමිනි.එම නඩුව කොළඹ දිසා අධිකරණය හමුවේ මීට පෙර විභාගයට ගත් අවස්ථාවේ ලේක් හවුස් ආයතන වෙනුවෙන් කිසිදු නිලධාරියකු අධිකරණයට ඉදිරිපත් නොවීම හේතුවෙන් ඒකපාක්ෂිකව සිය තීන්දුව ලබාදුන් විනිසුරු ටී.ඩී.එස් ගුණසේකර මහතා ලේක් හවුස් ආයතනයට නියෝග කළේ විජේදාස රාජපක්ෂ මහතාට රුපියල් කෝටි 50 ක් ගෙවන ලෙස ය.
නඩුව පැවති දිනයේ අධිකරණයට පැමිණිමට තම නිලධාරීන්ට නොහැකි වූ හෙයින් තීන්දුව යළි සලකා බලන්නැයි ඉල්ලා ලේක් හවුස් ආයතනය දිසා අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබුණි.කෙසේ වෙතත් එම පෙත්සම අද ප්රතික්ෂේප කළ විනිසුරු ධම්මික ගනේපොල මහතා පෙර තීන්දුව යළි තහවුරු කළේය.
ජනාධිපති නීතීඥ විජේදාස රාජපක්ෂ මහතා රුපියල් කෝටි 50 ක වන්දියක් ඉල්ලා මෙම නඩුව පවරා තිබුණේ 'අගවිනිසුරු සිහිනයේ ජීවත්වන විජේදාස' යනුවෙන් සිළුමිණ පුවත්පතේ පල කළ ලිපියකින් තමන්ට අපකීර්තියක් වූ බව පවසමිනි.
*Court orders Lake House to pay Rs. 500 million as compensation to Wijedasa Rajapakse!