ලෝක විප්ලවීය ඉතිහාසයේ නොනිමෙන ගිනිසිළුව, දකුණු අප්‍රිකානු හිටපු ජනාධිපති නෙල්සන් මැන්ඩෙලා මහතා අද දින සිය අනුපස් වැනි (95)උපන්දිනය සමරයි.
ජෝහන්නස්බ'ග් පමණක් නොව මුළුමහත් ලෝකයම මෙම සුවිශේෂී අවස්ථාව සමරනු ලබයි. පෙනහළු ආසාදනයක් හේතුවෙන් දැනට රෝහල්ගතව සිටින මැන්ඩෙලා මහතා පසුගිය සති කීපයේ සිටියේ දැඩි අසාධ්‍ය තත්වයකයි.
එහෙත් මේ වනවිට ඒ මහතාගේ සෞඛ්‍ය තත්වය යහපත් අතට හැරෙමින් පවතින බව මැන්ඩෙලා පවුලේ සමීප ආරංචි මාර්ග අනාවරණය කරතිබේ. ඔහුට උවටැන් කරන සාත්තුසේවිකාවක් අදහස් දක්වමින් කියාසිටියේ, "කියන්න සතුටුයි,මේ වන විට එතුමා ඉතා හොඳින් ප්‍රතිචාර දක්වනවා.වයසින් මහලු වුවත් ඔහු තාම ගැටවරයෙක් වගේ අකීකරුයි." දකුණු අප්‍රිකානු රජය නිල නිවේදනයකින් කියා සිටින්නේ මැන්ඩෙලා මහතා අසාධ්‍ය නමුත් ස්ථාවර තත්වයේ සිටින බවයි. මේ අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය ලෝකවාසී සියළු ජනතාවගෙන් ඉල්ලා සිටියේ 'ජූලි 18', නෙල්සන් මැන්ඩෙලා ජාත්‍යන්තර සමරුදිනය ලෙස සලකා, ඒ මහතා දකුණු අප්‍රිකානු නිදහස වෙනුවෙන් ලෝකයට ලබාදුන් මහඟු ආදර්ශයට සහ අනභිභවනීය මානුෂික මෙහෙවර ඇගැයීමට එක්වන ලෙසයි.
මේ වනවිටත් ලෝකයේ සෑම රටකම පාහේ නෙල්සන් මැන්ඩෙලා මහතාට ඉක්මන් සුවය පතා විවිධ මට්ටමේ ආගමික පුද පුජා දේව මෙහෙයන් පැවැත්වෙයි. පසුගිය දා ඇමෙරිකානු ජනාධිපති බැරැක් ඔබාමා මහතා ද දකුණු අප්‍රිකානු සංචාරයක යෙදුනේය. මැන්ඩෙලා මහතා රඳවා තිබූ සිර මැදිරිය නැරඹීමට ගිය ඔහු ඉතා හැඟුම් බරව කියා සිටියේ තමා වික්ෂිප්ත වූ බවයි. අපිදු මැන්ඩෙලා මහතාට ඉතා සුභ උපන්දිනයකට ආසිරි පතමු.