අලුත් ෆිල්ම් එකේ ප්‍රචාරණ කටයුතු කරනවා මේ දවස්වල.
මොකක්ද අලුත් ෆිල්ම් එක?
"ඉගිළෙන්න ඇයි දඟලන්නේ"
ඔබට හිමි වූයේ මොන වගේ චරිතයක්ද?
පාතාලයේ යුවතියන් කණ්ඩායමක නායිකාවකගේ චරිතය මම කරන්නේ.
ගොඩක් දරුණු චරිතයක්ද?
ඔව් ඇත්තටම.
සාමාන්‍ය ජීවිතයේත් එහෙමද?
අනේ නෑ. මම ගොඩක් අහිංසක තැන්පත් චරිතයක්. සැබෑ ජීවිතේ මම හොර බොරු වංචාව නැති චරිතයක්.
සාමාන්‍ය ජීවිතේ ඔබ අහිංසක යුවතියක්. නමුත් මේ චරිතයට හැඩගැහුණේ කොහොමද?
මට ලැබුණු චරිතයට මම උපරිම සාධාරණයක් දෙන්න උත්සාහ කළා. පතාල නායිකාවක වන ජිනාගේ චරිතය බිහිවුණේ එක් සුවිශේෂී පුද්ගලයකුගේ කැපවීම නිසයි.
කවුද ඒ සුවිශේෂී පුද්ගලයා?
"අර්ජුන් කමලනාත්" අර්ජුන් අයියා මා තුළින් ජිනාගේ චරිතය ගන්න මට ලොකු හයියක් වුණා.
ඔබ ෆිල්ම් එකේ හොඳට සටන් ජවනිකාවලත් නිරත වෙනවා?
ඇත්තෙන්ම ඔව්. ඒ සෑම සටන් ජවනිකාවකම මට පුහුණුව දුන්නේ අර්ජුන් අයියා.
කොපමණ කාලයක් සටන් පුහුණුවල නිරත වුණාද?
මාස 2කට වැඩි කාලයක් අර්ජුන් අයියා මට සටන් පුරුදු කළා. අර්ජුන් අයියාගේ කුලුඳුල් අධ්‍යක්ෂණය වුණත් ඔහුගේ ප්‍රථම අධ්‍යක්ෂණයෙන්ම මං හොඳ ප්රතාපවත් බවක් දැක්කා.
පාතාල යුවතියන්ගේ නායිකාව ප්‍රබල වෙන්න අනෙක් යුවතියන්ගෙන් ලැබුණෙ මොන වගේ සහායක්ද?
එයාලා මට ලොකු හයියක් වුණා. අපි එකිනෙකාට උදවු කළා. ආත්මාර්ථකාමී වුණේ නෑ.
බාල කාලයේ නිළියක් වෙන්න හිතුවාද?
ඇත්තෙන්ම නිළියක් වෙන්න හිතුවේ නෑ. නමුත් දෙවියන් වහන්සේගේ කැමැත්ත නිසා ඒ දේ වුණා.
කොහොමද වුණේ?
කලින් මම නර්තන කණ්ඩායමක හිටියා. නර්තනයේ නියැළෙන අවස්ථාවක තමයි චිත්‍රපටයක රඟපාන්න ආරාධනාවක් ලැබුණේ.
ඒ වෙලාවේ මොකක්ද හිතට දැනුණේ?
බයක් දැනුණා. රඟපාලම නෑනේ. අලුත් දෙයක් නිසා හිතට බයක් දැනුණා. ඒත් ඊටත් ලොකු සතුටක් දැනුණා. අම්මා, තාත්තා අක්කා එක්ක සතුට බෙදාගත්තා.
අර්ජුන් කමලනාත් ගැන කිව්වොත්?
ඔව්. අර්ජුන් අයියා මගේ පෙම්වතා. ඒ වගේම මේ ක්ෂේත්රයේදී එයා මගේ ගුරුවරයා. එයා වගේ අවංක හොඳ ගතිගුණ තියෙන කෙළින් කතා කරන පෙම්වතෙක් ලැබීම ගැන මට ගොඩක් සතුටුයි.
විවාහ වෙන්නේ කවදාද?
මේ වසරේ අර්ජුන් අයියයි මායි විවාහ වෙනවා.
නිළියක් විදියට ආදරය කරන වෙනත් නිළියන් ඉන්නවාද?
ඔව්. ගීතා කුමාරසිංහ මහත්මිය, සබීතා පෙරේරා මහත්මිය මං ඉස්සර ඉඳන්ම ආස කරන චරිත.
ගීත අහනවාද?
ඔව්.
මොන වගේ ගීතද අහන්න කැමැති?
අහන්න ලැබෙන හැම ගීතයක්ම අහනවා. වේග රිද්ම, සුභාවිත ගීත මං එහෙම වෙන්කරලා නෑ. මනස නිදහස් වෙන ඕනම ගීතයක් අහනවා.
ඔබ මේ වන විට රඟපෑ චිත්‍රපට කීවොත්?
සුදු හංසි, ඩබල් ගේම්, ජයපිට ජය, සර් ලාස්ට් චාන්ස්.
"ඉගිළෙන්න ඇයි දඟලන්නේ" ෆිල්ම් එක ගැන යමක් කීවොත්?
වෙනස් තේමාවක් වටා ගොඩනැඟුණු චිත්‍රපටයක්. සටන් ජවනිකා, කුතුහලය, ආදරය මේ හැම දෙයක්ම සමන්විතයි. රසවින්දනය කරලා ඔබටම තීරණය කරන්න පුළුවන් වේවි.
ඉදිරියටත් සිනමාවේ ඔබව දකින්න ලැබෙනවාද?
සත්තකින්ම ඔව්. අර්ජුන් කමලනාත් අයියාගේ දෙවැනි අධ්‍යක්ෂණය 'ආශාවේ මායා' රූගත කිරීම් කටයුතු දැන් ඉවරයි. මේ දිනවල හඬ කැවීම්වල යෙදෙනවා.
ඉදිරි බලාපොරොත්තු මොනවාද?
හොඳ ගමනක් යන්න අදහස් කරනවා. සැබෑ ජීවිතේ අර්ජුන් අයියා එක්කත් රංගන ජීවිතේ හොඳ නිළියක් වශයෙනුත්.
නිළියක් වීම ගැන අද මොකද හිතෙන්නේ?
අහම්බයෙන් ලැබුණු දෙයක් වුණත් රංගනයට මං දැන් ගොඩක් ආසයි.
Ameesha kavindi photos album Click Here