සොයාගනු ලබූ අස්ථි කොටස් |
නිවසක වැසිකිළිවළක් ඉදිකිරීම සඳහා පොළව හාරමින් සිටියදී මියගිය පුද්ගලයෙකුගේ බවට සැකකෙරෙන මිනිස් අස්ථි කොටස් විශාල ප්‍රමාණයක් එම වළේ තිබී මිහින්තලය පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් 29 වනදා සොයාගෙන ඇත.
28 වනදා රාත්‍රියේ පොලිස් හදිසි ඇමැතුම් ඒකකයට (119) රාත්‍රී 8.00ට පමණ ලැබුණු ඇමතුමකට අනුව යාය 1 වම් ඉවුර මහකනදරාව මිහින්තලය ප්‍රදේශයේ පදිංචි සෙනවිරත්න මුදියන්සේලාගේ නිමලසිරි සෙනවිරත්න මහතාගේ නිවසේ හාරමින් සිටී වැසිකිළි වලේ තිබී මෙම අස්ථි කොටස් හමුවී ඇත.
සොයා ගනු ලැබූ අස්ථි කොටස් නිශ්චිත වශයෙන්ම මනුෂ්‍ය අස්ථි කොටස් යන්න අනාරවණය කර ගෙන නැත. මෙම නිවසේ හිමිකරු 1964 වර්ෂයේ මෙම ප්‍රදේශයේ පදිංචියට පැමිණ ඇති බවද පොලීසිය පවසයි.
ඔවුන් අලුතින් ඉදිකළ වැසිකිළිය සඳහා වළක් කපමින් සිටියදී අඩි 4 1/2ක් පමණ පොළව යටින් බෙනයක් මතුවී ඒ තුළ මෙම අස්ථි කොටස් තිබූ බවත් එම අස්ථි කොටස් වසර ගණනාවක් පැරණි බවත් ඒවායේ බර කිලෝ ග්‍රෑම් 02ක් පමණ වන බවද පොලිසිය සඳහන් කරයි.
ෙගවත්තේ හාරනු ලබූ වළ පරීක්ෂා කරන අයුරු |
නිවසේ වැසිකිළිවළෙන් අස්ථි කොටස් මතුවීම සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන පොලීසිය අනුරාධපුර වැඩබලන මහේස්ත්‍රාත් අමරසිරි හෙට්ටිගේ මහතාට ඒ සම්බන්ධයෙන් දැන්වීමෙන් අනතුරුව ඒ මහතා අදාළ ස්ථානයට ගොස් පරීක්ෂා කර අස්ථි කොටස් ඒ මහතා ඉදිරියේදී ගොඩට ගන්නා ලෙසම නියෝග කළේය.
ගොඩට ගත් අස්ථි කොටස් මනුෂ්‍ය අස්ථි කොටස් ද යන්න තහවුරු කර ගැනීම සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය ඩී.එල්. වෛද්‍යරත්න මහතා වෙත යොමු කර පරීක්ෂණ සිදුකරන ලෙසද නියෝග කළේය.