දොළොස් හැවිරිද බාල වයස්කාර දැරියක් පස්මස් ගැබිනියක් බවට පත් කළ විසිඑක් හැවිරිදි තරුණයකු හෝමාගම මූලස්ථාන පොලිසිය මගින් පෙරේදා (29 දා) උදේ හෝමාගම පිටිපන ප්‍රදේශයේ කුලී නිවසක රැඳී සිටියදී අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම තරුණයා අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ගැබිනියකව සිටි බාලවයස්කාර දැරිය ද පොලිස් භාරයට ගෙන ඇත.
මෙම බාලවයස්කාර දැරිය හා තරුණයා පිටිපන ප්‍රදේශයේ කුලී නිවසක රැඳී සිටින බවට ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරකට අනුව මෙම දෙදෙනා අත්අඩංගුවට ගත් බව ද පොලිසිය කියයි. මෙම බාලවයස්කාර දැරිය පොලිසිය විසින් හෝමාගම මූලික රෝහලේ වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යොමු කිරීමෙන් පසු ඈ පස්මස් ගැබිනියක බව හෙළි වී තිබේ.තරුණයා හා බාලවයස්කාර දැරිය අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, එම දෙදෙනාගේම දෙමාපියන් ද මේ සම්බන්ධය පිළිබඳ දැනුවත්ව සිට ඇතැයි හෙළි වූ බව ද පොලිසිය කියයි.
දැරිය පාසල් යමින් සිටියදී තරුණයා සමඟ සම්බන්ධය ඇති කරගෙන ඇතැයි ද පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබේ.
සැකකාර තරුණයා හෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. මේ පිළිබඳව හෝමාගම මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ලලිත් ලීලාරත්න මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ටී. ජී. චJද්රසේකර මහතාගේ මෙහෙයවීමෙන් වැඩිදුර පරීක්ෂණ පැවැත්වේ.