බටහිර ඉන්දීය කොදෙව් දේශයේ පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේදී අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීම සඳහා වූ තීරණාත්මක තරගයේදී ප්‍රසාද ලකුණද සමගින් ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු 81 ක ජයක් වාර්තා කළ ප්‍රබල ඉන්දීය කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියට පැමිණෙමින් අද (11 දා) පැවැත්වෙන අවසන් මහ තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත්විය. ඒ අනුව ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන අවසන් මහ තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද ප.ව. 7 ට ආරම්භ වේ.
ටි්රනිඩෑඩ්හි ක්වීන්ස් පාක් ඕවල් පිටියේ ඊයේ අලූයම අවසන් වූ අදාළ තරගයේ ජයත් සමග ප්‍රසාද ලකුණු 10 ක් හිමිකරගත් ඉන්දීය කණ්ඩායම අදාළ සටහනේ පෙරමුණ පැමිණීමට සමත්වීම මත සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමට තිබූ අවස්ථාව ගිලිහී ගියේය.
දෙවැනි සහ තෙවැනි ස්ථානවල පසුවන ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් තරග 4 කට සහභාගිවී ජයග්‍රහණ 2 බැගින් වාර්තා කර තිබුණද දළ ලකුණු ලබා ගැනීමේ වේගය සත්කාරක කොදෙව් පිලට වඩා(-0.383) වැඩි අගයක් ශ්‍රී ලංකාව සතුවීම (0.348) මත අවසන් මහ තරග අවස්ථාව ශ්‍රී ලංකාවට හිමිවිය.
පළමු වටයේ අවසන් තරගය ලෙසින් පැවැති අදාළ තරගයටද වර්ෂාව පොදු සාධකයක් වූයෙන් එක් පිලකට පන්දුවාර 29 බැගින් ක්‍රීඩා කිරීමට නියමිත වීය. ඒ අනුව ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 29 තුළදී කඩුලූ 3 කට ලකුණු 119 ක් රැස් කරන ලදී. වර්ෂාව මත ඉලක්කය සංශෝධනය කිරීමේදී ඩක්වර්ත් ලූවිස් න්‍යායට අනුව ශ්‍රී ලංකාවට පන්දුවාර 26 කදී ලකුණු 178 ක ඉලක්කය හිමිවීම තරමක් අවාසිසහගත සිදුවීමක් විය.
ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා පිතිකරුවන්ට බුවනේෂ්වර් කුමාර් ප්රමුඛ ප්‍රබල ඉන්දීය පන්දු යෑවීම හමුවේ පන්දුවාර 24.4 කදී සියලූ දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 96 ක් පමණි.
පළමු කඩුල්ල ලෙස තරංග(06) මුලූ ලකුණු සංඛ්‍යාව ලකුණු 14 ක්ව තිබියදී දැවී ගිය අතර අනතුරුව යවන ලද පන්දුවෙන් සංගක්කාර ලකුණු නොලබා දැවී යැම ශ්‍රී ලංකාවට ප්‍රබල පාඩුවක් විය. කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව සංගක්කාර දැවී ගියේ යෑයි කොදෙව් ජාතික විනිසුරු පීටර් නීරෝ සංඥා කළ නමුත් අදාළ තීන්දුව මතභේදාත්මක තීරණයක් ලෙස හඳුන්වනු ලැබීය.
ශ්‍රී ලංකා පිලේ වැඩිම ලකුණු ලාභියා වූ දිනේෂ් චන්දිමාල් ලකුණු 26 ක් ලබා ගත් අතර සෙසු ලකුණු 20 සීමාව ඉක්මවීමට වෙනත් කිසිදු පිතිකරුවකු අසමත් විය.
ඉන්දීය ඉනිමේ පළමු කඩුල්ල ලෙස දැවී ගිය ෂේකර් ධවාන්(15) දවා ගැනීම වෙනුවෙන් ස්ලිප් ස්ථානයේ සිට මහේල ජයවර්ධන විසින් රැක ගන්නා ලද උඩ පන්දුව සිය එක්දින ක්‍රිකට් දිවියේ 200 වැනි උඩ පන්දුව ලෙසින් සටහන් විය. මෙවැනි වාර්තාවකට හිමිකම් කී ලොව පළමු ක්‍රීඩකයා වන්නේද මහේල ජයවර්ධනය.
2005 වසරෙන් අනතුරුව එක්දින තරගයට ක්‍රීඩා නොකළ දිල්හාර ලොකුහෙට්ටිගේ මෙම තරගයට සහභාගි වූ නමුත් ඔහුට කැපී පෙනෙන දස්කම් දැක්වීමට නොහැකි විය.
යෝජිත ඉන්දු-ශ්‍රී ලංකා එක්දින තරගය දෙරට අතර පැවැත්වෙන 143 වන එක්දින තරගය වන අතර එහිදී ශ්‍රී ලංකාව තරග 53 කද, ඉන්දියාව තරග 77 කද ජය වාර්තා කරගෙන ඇත.
අද තරගයේ අවසන් තීන්දුව සඳහා කාසියේ වාසියට ප්‍රබල අවස්ථාවක් උදා වී ඇත.