බටහිර ඉන්දීය කොදෙව් හි පැවැත්වෙන සෙල්කොන් කුසලාන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව හා ශී‍්‍ර ලංකාව අතර තරගයෙන් ලකුණු 161 ක විශිෂ්ඨ ජයක් ලබා ගැනීමට ශී‍්‍ර ලංකාව සමත් විය.
ඊයේ (02) කිංග්ස්ටන්හි සබීනා පිටියේදී පැවැති තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් ශී‍්‍ර ලංකා කණ්ඩායම සිය පන්දුවාර 50 අවසානයේදී එක් කඩුල්ලක් දැවී ලකුණු 348ක් ලබා ගත්තේය.පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දියාවට පන්දුවාර 44.5කදී සියලු දෙනාම දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 187ක් පමණි.
නොදැවී ලකුණු 174ක් රැස් කළ උපුල් තරංග තරඟයේ වීරයා ලෙස සම්මාන ලැබීය.ශ්‍රී ලංකා පිලේ පළමු කඩුල්ල වෙනුවෙන් මහේල ජයවර්ධන(107)හා උපුල් තරංග ලකුණු 213 ක සම්බන්ධයක් ගොඩ නැගීමට සමත් වූහ. මහේල පන්දු 112කට මුහුණ දෙමින් හයේ පහර දෙකක් සහ හතරේ පහර 09 ක් සමඟින් ලකුණු 107 ලබා ගත්තේය.කලකට පසුව කණ්ඩායමේ ස්ථානය හිමිකරගත් උපුල් තරංග, සිය ලකුණු 174 ලබාගත්තේ පන්දු 159 කට මුහුණ දෙමිණි. මොවුන් දෙදෙනා එක්ව පළමු කඩුල්ල සදහා අගනා ලකුණු 213 සබදතාවක් පැවත්වුයේය. ශී‍්‍ර ලංකා කණ්ඩායම වෙනස්කම් දෙකක් සමගින් මෙම තරගයට පිවිස සිටි අතර තුන් ඉරියව් කී‍්‍රඩක ජීවන් මෙන්ඩිස් සහ අජන්ත මෙන්ඩිස් ඊයේ තරගය සඳහා කී‍්‍රඩා නොකළහ.
ඒ වෙනුවට කුසල් ජනිත් පෙරේරා සහ සචිත්ර සේනානායක ශී‍්‍ර ලංකා පිලට එක්ව වූහ.
මේ අතර, ඉන්දීය නායක මහේන්ද්‍ර සිං දෝනි තුවාල ලැබීම නිසා මෙම තරගයට කී‍්‍රඩා නොකළ අතර ඔහුගේ ස්ථානයට මුරලි විජේ කී‍්‍රඩා කළේය.ඊයේ (02) කිංග්ස්ටන්හි සබීනා පිටියේදී පැවැති තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් ශී‍්‍ර ලංකා කණ්ඩායම සිය පන්දුවාර 50 අවසානයේදී එක් කඩුල්ලක් දැවී ලකුණු 348ක් ලබා ගත්තේය.පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දියාවට පන්දුවාර 44.5කදී සියලු දෙනාම දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 187ක් පමණි.
නොදැවී ලකුණු 174ක් රැස් කළ උපුල් තරංග තරඟයේ වීරයා ලෙස සම්මාන ලැබීය.ශ්‍රී ලංකා පිලේ පළමු කඩුල්ල වෙනුවෙන් මහේල ජයවර්ධන(107)හා උපුල් තරංග ලකුණු 213 ක සම්බන්ධයක් ගොඩ නැගීමට සමත් වූහ. මහේල පන්දු 112කට මුහුණ දෙමින් හයේ පහර දෙකක් සහ හතරේ පහර 09 ක් සමඟින් ලකුණු 107 ලබා ගත්තේය.කලකට පසුව කණ්ඩායමේ ස්ථානය හිමිකරගත් උපුල් තරංග, සිය ලකුණු 174 ලබාගත්තේ පන්දු 159 කට මුහුණ දෙමිණි. මොවුන් දෙදෙනා එක්ව පළමු කඩුල්ල සදහා අගනා ලකුණු 213 සබදතාවක් පැවත්වුයේය. ශී‍්‍ර ලංකා කණ්ඩායම වෙනස්කම් දෙකක් සමගින් මෙම තරගයට පිවිස සිටි අතර තුන් ඉරියව් කී‍්‍රඩක ජීවන් මෙන්ඩිස් සහ අජන්ත මෙන්ඩිස් ඊයේ තරගය සඳහා කී‍්‍රඩා නොකළහ.
ශී‍්‍ර ලංකා (පන්දුවාර 50 කදී)
348/1
(උපුල් තරංග - නොදැවී 174, මහේල ජයවර්ධන 107, ඇන්ජලෝ මැතිව්ස් නොදැවී 44, රවිචන්ද්‍රන් අශ්වින් 67/1)
ඉන්දියාව (පන්දුවාර 44.5 කදී)
187
(රවීන්ද්‍ර ජඩේජා (නොදැවී) 49, ලසිත් මාලිංග 2/40, සචිත්ර සේනානායක 2/46, රංගන හේරත් 3/37)