ක්‍රිකට් තරගාවලියක් අතරතුරදී එංගලන්තයේ කාඩිෆ් ක්‍රීඩාංගණයට ඊලාම් ධජයක් රැගෙන හදිසියේ කඩාවැදුණු කොටි සාමාජිකයාට ශ්‍රී ලංකාවේ විදේශ ගමන් බලපත්‍රයක් තිබෙන බවට මැංචිස්ටර් ජාත්‍යන්තර පොලිසිය දන්වා ඇතැයි රහස් පොලිසිය ඊයේ (30) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතාට දැනුම් දුන්නේය.යශෝධරන් සදසරමූර්ති නමින් එම් 1193431 දරන විදේශ ගමන් බලපත්‍රය 2000/03/08 වන දින මෙරට ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කොට ඇති බවට වැඩිදුරටත් තොරතුරු අනාවරණය වේ.
මේ සැකකරුට අයත් බ්‍රිතාන්‍ය විදේශ ගමන් බලපත්‍රයට අදාළව ගුවන්ගමන් තහනම් කිරීමේ නියෝගයක් මේවනවිටත් අධිකරණය මගින් නිකුත් කොට ඇති අතර එය ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත බාරදුන් බවට රහස් පොලිසිය අධිකරණයට දැන්වීය.මොහු අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර පොලිස් මූලස්ථානය සමඟ සම්බන්ධවී විමර්ශන පවත්වන බව පැවසූ පොලිසිය ප්රභාකරන් රාජු සදසර මූර්ති, මනිමාරන්, සදසරමූර්ති යශෝධරන්, යශෝධරන් සඳසරමූර්ති යන නම්වලින් පෙනී සිට ඇති බව පැවැසීය.
එක්සත් එමිර් රාජ්‍යයේ කටාර් කොමර්ෂල් බැංකුව විසින් එච්. එස්. සුල්තාන් ජෙස්ටින් අල්හානි වෙත නිකුත් කොට තිබූ විද්‍යුත් කාඩ්පතේ දත්ත සොරාගෙන ඒ. ටී. එම්. ස්වයංක්‍රීය යන්ත්‍ර මගින් මොහු 2012/05/20 වන දින අවස්ථා 70 වකදී පැය හතරක් ඇතුළත ජා-ඇළ, කඳාන, වත්තල, බොරැල්ල හා නවලෝක යන ප්‍රදේශවලින් රුපියල් ලක්ෂ 56ක් සොරාගෙන ඇත.
මීට අමතරව මේ සිද්ධියට සම්බන්ධ සෙසු සැකකරුවන් දෙදෙනා වන ආනන්දරුබන් කුලදීපන් අවස්ථා නවයකදී කිලිනොච්චියේදී ලක්ෂ 72ක මුදලක් ද බාලසුබ්රමනියම් උදයදාස් නැමැති සැකකරු අවස්ථා 22කදී පැය 3කදී ජා-ඇළ, පෑලියගොඩ, පිටකොටුව හා හෙට්ටිවීදිය යන ප්‍රදේශවලින් 1,760,000 මුදලක් ලබාගෙන ඇති බවට අධිකරණයට කරුණු වාර්තා කොට තිබිණ.
මේ මුදල් ලබා ගැනීමට අදාළ බැංකු ආවේක්ෂණ දර්ශන, ජර්නල් සටහන් මුද්‍රා සහිතව නඩු භාණ්ඩ ලෙස අධිකරණයට ඉදිරිපත් කොට තිබිණ. අදාළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා පළමු හා දෙවන සැකකරුවන් ලබන මස 13 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළේය.