බටහිර ඉන්දීය කොදෙව්, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව සමඟ පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ දී, අයි.සී.සී චැම්පියන්ස් කුසලාන තරගාවලියේ ජයග්‍රාහකයින් වූ ප්‍රබල ඉන්දියාව එක් කඩුල්ලකින් පරාජය කරමින් සිය දෙවන ජයග්රහණයද හිමිකරගැනීමට බටහිර ඉන්දීය කොදෙව්වන් ඊයේ සමත් විය.
ජමෙයිකාවේ සබීනා පාර්ක් ක්රීඩාගංණයේ පැවති මෙම තරගයෙදී, පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 50දී කඩුලූ 07ක් දැවී ලකුණු සංඛ්‍යාව 229ක් රැස්කර ගත්තේය . එම ලකුණු සංඛ්‍යාව 48 වන පන්දුවාරයේ 04 වන පන්දුවේදී ලබාගත් කෙදෙව් ක්‍රීඩකයන් ජයග්‍රහණය අත්කර ගනු ලැබිය. පන්දු සියයකදී ලකුණු 97ක් ලබා ගනිමින් සුපිරි පිතිහරඹයක යෙදුණු ජොන්සන්ස් චාල්ස් තරගයේ වීරයා ලෙස සම්මාන දිනාගත්තේය. මෙම තරගාවලියේ මීළග තරගය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර හෙට පැවැත්වීමට නියමිතය.
ඉන්දියාව ඕවර 50 කදී කඩුලූ 7ක් දැවී 229 රෝහිත් ශර්මා 60, සුරේෂ් රයිනා 44, මහේන්ද්‍ර සිං දෝනි 27 , කෙමාර් රෝචි 41/2, ටිනෝ බෙස්ට් 54/2, ඩැරන් සැමී 41/2බටහිර ඉන්දිය කොදෙව් ඕවර 47.4 කදී කඩුලූ 9ක් දැවී 230 ජොන්සන් චාල්ස් 97, ඩැරන් බ්රාවෝ 55, ඩැරන් සැමී 29, උමේෂ් යාදව් 43/3, ඉෂාන්ත් ශර්මා 51/2, රවිචන්ද්‍රන් අශ්වින් 44/2