තිලකරත්න ඩිල්ෂාන් හා කුමාර් සංගක්කාර දෙවැනි කඩුල්ල සඳහා පන්දුවාර 32.1 කදී වාර්තාගත ලකුණු 184 සබඳතාවයක් පිහිටුවමින් දකුණු අප්‍රිකාවට එරෙහි තරග 5කින් සමන්විත එක්දින තරගාවලියේ ජය 3ට 1ක් ලෙස විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ඊයේ(28)ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිසි තිලකරත්න ඩිල්ෂාන් හා මහේල ජයවර්ධන පළමු කඩුල්ල සඳහා ලකුණු 45ක සබඳතාවයක් පිහිටුවන ලදී. මහේල ලකුණු 12ට දැවී ගිය පසු ඩිල්ෂාන් හා එක්වූ සංගක්කාර දෙවැනි කඩුල්ල සඳහා ලකුණු 184ක සබඳතාවයක් පිහිටුවීමට සමත් වූ අතර සංගක්කාර ලකුණු 91ක් ලබා සිටියදී දැවී ගියේය.
තිලකරත්න ඩිල්ෂාන් නොදැවී ලකුණු 115ක් ලබා ගත් අතර එය ඔහුගේ 17 වැනි ශතකයද විය. පන්දු 130දී ලබාගත් එම ලකුණු සංඛ්‍යාවට 4 පහර 16ක්ද අන්තර්ගතය. දකුණු අප්‍රිකාව ලබාගත් ලකුණු 238 ඒ අනූව ශ්‍රී ලංකාව පන්දුවාර 44දී කඩුලු 2ක් පමණක් දැවී අභිබවා යමින් ජයග්‍රහණය හිමිකර ගැනීමට සමත් විය.
මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී දෙවැනි වරට පහරදුන් කණ්ඩායමක් ලකුණු හඹාගොස් ලබාගත් ඉහළම ජයග්‍රහණය ලෙසද අද තරගය වාර්තා පොත් අතරට එක්වෙයි. තිලකරත්න ඩිල්ෂාන් තරගයේ වීරයා සම්මානය ද හිමිකර ගන්නා ලදී.