කොළඹ සිට පාදුක්ක, මීගොඩ, ගොඩගම හා ඒ අවට ප්‍රදේශවලට හෙරොයින් තොග වශයෙන් බෙදාහරිනු ලැබු එකම පවුලේ අක්කා හා මල්ලි රුපියල් ලක්ෂ දෙකක හෙරෙයින් ග්‍රෑම් 32ක් සමඟ ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටිය දී කළුඅග්ගල දී අත්අඩංගුවට ගැනීමට පාදුක්ක පොලිසිය සමත් වී ඇත.අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ ග්‍රෑන්පාස් ප්‍රදේශයේ පදිංචි සහෝදරයකු හා සහෝදරියකි.
සැකකාරිය වසර දෙකයි මාස හයක කාලයක් සිරගතව සිට පසු ගිය මාර්තු මස ඇප මත මුදා හැර ඇති අතර, සැකකාරියගේ සැමියා මෙවැනි ජාවාරම් සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිටිය දී පසු ගිය දිනක එහි ඇති වු නොසන්සුන්තාවයක් හේතුවෙන් පොලිස් වෙඩි පහරකට ලක් වී මිය ගොස් ඇතැයි පොලිසිය පවසයි.
පාදුක්ක පොලිස් බල ප්‍රදේශයේ හෙරොයින් පානය කරන ලද පුද්ගලයන් විසි දෙනකු පමණ අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කර අධිකරණයට ඉදිරිපත් කර තිබේ. එහි දී එක් අයකුට රුපියල් දස දහස බැගින් දඩ මුදලක් ගෙවීමට සිදු කර ඇත . ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමේ දී ලද තොරතුරු මත ඔවුනට හෙරොයින් ලබා දෙන කාන්තාවක් මීගොඩ දී හෙරොයින් ග්‍රෑම් 2, මිලිග්‍රෑම් 800 ක් සමඟ පොලිස් අත්අඩංගුවට පත් ව ඇත.
මෙහි දී ප්‍රශ්න කළ පොලිසිය සැකකාර කාන්තාවකට හෙරොයින් ලබා දෙන තවත් කාන්තාවක් වන මහරගම කුඩු ගංගා නමින් හදුන්වන තැන්තිය හෝමාගම ප්‍රධාන බස්නැවතුම්පොළේ සිටිය දී හෙරොයින් සමඟ පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත. එම සැකාරියගේ සැමියා ද හෙරොයින් සම්බන්ධයෙන් බන්ධනාගාරගත කර සිටින පුද්ගලයකු බව පොලිසිය පවසයි.
එම සැකකාරියට හොරොයින් ලබා දෙන ග්‍රෑන්පාස් ප්‍රදේශයේ පදිංචි එකම පවුලේ අක්කා සහ මල්ලි අත්අඩංගුවට ගැනීමට සමත් වී ඇත. සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීමට පොලිසියට අවසර දී ඇත.
බස්නාහිර දකුණ ( නුගේගොඩ ) දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති සුමිත් එදිරිසිංහ, නුගේගොඩ කොට්ඨාසභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මර්වින් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ උපදෙස් මත හෝමාගම (උතුර) පොලිස් අධීකාරි ජී. විමලසිරි මහතාගේ අධීක්ෂණය යටතේ පාදුක්ක පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක බිමල් පෙරේරා පො. ප ගුණතිලක උ. පො. ප වික්‍රමසිංහ, පොලිස් කොස්තාපල්වරුන් වන නාලක දිසානායක, දිනේෂ් තරංග නන්දන, පා. පො. කො ශාන්ති සහ සංජිවනි යන නිලධාරින් වැටලීම් සිදු කර සැකකරුවන් හා කාරියන් අත්අඩංගුවට ගැනීමට සමත් වූහ.
ඡායාරූපය - හෝමාගම සංචාරක