ජය ශ්‍රී මහා බෝධින් වහන්සේට සහ විහාරයට කිසිම හානියක් නොවේ
ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ බුද්ධගයා මහබෝධි විහාරස්ථානය අසල පුපුරා ගිය බෝම්බ ප්‍රහාර මාලවෙන් පසු එම සිද්ධස්ථානය තාවකාලිකව වසා දමා ඇත.ඉන්දියාවේ බිහාර්හි මහාබෝධි විහාරස්ථානයට එල්ලවූ බෝම්බ ප්‍රහාර ශ්‍රී ලාංකිකයින් හෝ බෞද්ධයින් ඉලක්ක කොට එල්ලවුවක් නොවන බවට තොරතුරු වාර්තාවී ඇති නමුත්, සිද්ධිය සම්බන්ධව පරීක්ෂණ පැවැත්වෙන ඉදිරි සතිය තුල ඉන්දියාවේ වන්දනා ගමන් වලින් වැළකී සිටින ලෙස ද ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය මෙරට ජනතාවට දැනුම් දී සිටී.
ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ බුද්ධගයා මහබෝධි විහාරස්ථානය අසල පුපුරා ගිය බෝම්බ ප්‍රහාර මාලවෙන් පසු එම සිද්ධස්ථානය තාවකාලිකව වසා දමා ඇත.ඉන්දියාවේ බිහාර්හි මහාබෝධි විහාරස්ථානයට එල්ලවූ බෝම්බ ප්‍රහාර ශ්‍රී ලාංකිකයින් හෝ බෞද්ධයින් ඉලක්ක කොට එල්ලවුවක් නොවන බවට තොරතුරු වාර්තාවී ඇති නමුත්, සිද්ධිය සම්බන්ධව පරීක්ෂණ පැවැත්වෙන ඉදිරි සතිය තුල ඉන්දියාවේ වන්දනා ගමන් වලින් වැළකී සිටින ලෙස ද ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය මෙරට ජනතාවට දැනුම් දී සිටී.
මේ අතර සිදු වූ බෝම්බ පිපුරුම් පිළිබඳ කඩිනමින් සොයා බලන ලෙස ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයාට දැනුම්දී තිබේ.මෙම, පිපිරීම් ගැන සැල වූ වහාම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මහාබෝධි විහාරස්ථානයේ විහාරාධිපති හිමියන්ට දූරකතනයෙන් අමතා කරුණු විමසා බැලූ බවත්, ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයට වහාම මේ පිළිබඳ අවශ්‍ය ක්රීයාමාර්ග ගන්නා ලෙස උපදෙස් දුන් බවත් ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක මොහාන් සමරනායක මහතා ප්‍රකාශ කර සිටියේය.
ඉන්දියාවේ බිහාර්හි මහාබෝධි විහාරස්ථාන පරිශ්‍රයේ අද(07) උදැසන සිදුවූ බෝම්බ පිපිරීම් වලින් තුවාල ලත්එක් භික්ෂූන් වහන්සේ නමක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්ථා කරයි.කෙසේ වෙතත් කිසිදු ශ්‍රී ලාංකිකයකුට හෝ බෞද්ධාගමික පුජනීය වස්තුවකට හානියක් සිදුව නොමැති බව ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කරයි.
බිහාර් පොලිස් ප්‍රධානී අබයානන්ද් පවසන්නේත් මහාබෝධියට මදක් දුරින් පිහිටි ජයශ්‍රීමහා බෝධිය නිරුපද්‍රිත බවත්, කිසිම හානියක් නැති බවත්ය.කෙසේ වෙතත් විහාරස්ථානයේ වීදුරු කිහිපයකට හානි වි ඇති බවද පැවසේ. ආරක්ෂක අංශ පැමිණ ඉතිරිව තිබූ තවත් බෝම්බ කිහිපයක් නිශ්ක්‍රීය කොට තිබේ.
ලෝක උරුම පුදබිමක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බිහාර් ප්‍රාන්තයේ බුද්ධ ගයාහි මහාබෝධි විහාරස්ථානය තුළ අද (07) පාන්දර 5.15 සිට බෝම්බ පිපිරීම් 8ක් වාර්තා විය.
පිපිරීම් නිසා ටිබෙට් ජාතික ස්වාමීන්වහන්සේ නමක් සහ සංචාරකයින් දෙදෙනෙකු ඇතුළු 5 දෙනෙකු තුවාල ලබා ඇති බවත් ඉන්දියාවෙන් ලැබෙන නවතම වාර්තාවල දැක්වේ. විහාරස්ථානයේ බෝධීන්වහන්සේට හෝ වෙනත් ආගමික ස්මාරකවලට හානියක් සිදු ව නැති බව ද වාර්තාවේ.
මේ අතර ඊයේ ( 07) දහවල් විහාරස්ථානයට නුදුරින් තවත් ජීව බෝම්බයක් සොයාගෙන ඇති අතර පසුව එයද නිශ්ක්‍රීය කර තිබේ. මේ වනවිටත් බෝම්බ නිශ්ක්‍රීය භට කණ්ඩායම් පරිශ්‍රයේ සෝදිසි මෙහෙයුම් සිදුකරන බවත්, විහාරස්ථානය අවට ප්‍රදේශයන්හි ද පොලිසිය විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බවත් වාර්තා වේ.
සිද්ධියෙන් අනතුරුව ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සියේ (National Investigation Agency) සහ ජාතික ආරක්ෂක බලකායේ (National Security Guard) කණ්ඩායම් බුද්ධගයා වෙත පැමිණ ඇති අතර බිහාර් ප්‍රාන්තයේ මහ ඇමති නිතිෂ් කුමාර් මහතා විහාරස්ථානය වෙත පැමිණ කරුණු සොයා බැලූ බවද තානාපති ආරංචිමාර්ග සඳහන් කරයි.
මේ අතර ඉන්දීය අග්‍රාමාත්‍ය ආචාර්ය මන්මොහන් සිං මහතාද නිවේදනයක් නිකුත්කරමින් ආගමික ස්ථානවලට එල්ල කළ මෙම බියගුලු බෝම්බ ප්‍රහාරය හෙළා දැක ඇත . මෙම ප්‍රහාරයට වගකිවයුත්තන් අත්අඩංගුවට ගැනීම කඩිනම් පියවර ගන්න බවද මන්මෝහන් සිං මහතා මෙහිදී සඳහන් කර ඇත.