විවිධ පාර්ශ්වයන්ගෙන් එල්ල වන තර්ජන හේතුවෙන් තම සංගමය ආරම්භ කළ වැඩවර්ජනය වහාම කි‍්‍රයාත්මක වන පරිදි අවලංගු කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා. එහි සභාපති ගැමුණු විජේරත්න මහතා කියා සිටියේ වර්ජනය නවතන ලෙස පාර්ශ්ව කිහිපයකින් තර්ජන එල්ල වූ බවයි.මෙම වර්ජනය හේතුවෙන් දිවයිනේ සෑම ප්‍රදේශයකම පාහේ ප්‍රධාන මාර්ගවල මෙන්ම අතුරු මාර්ගවල ද අද බස් ධාවනය ඇණහිට තිබුණී.
ජූලි මස පළමුවැනි දිනට නියමිතව තිබූ වාර්ෂික බස් ගාස්තු සංශෝධනය සිදු නොකිරීමට විරෝධය පළ කරමින් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයක් දියත් කර තිබුණි.වර්ජනයේ නිරත තම සංගමයේ සාමාජිකයින්ට එල්ල වන බලපෑම් හේතුවෙන් වර්ජනය අවසන් කිරීමට තීරණය කළ බව ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේය.එසේ වුවද තම ඉල්ලීම් සම්බන්ධයෙන් ඉදිරියේදී තීරණයක් ගන්නා බව ද ඔහු සඳහන් කරන ලද.
වර්ජනය නොතකා ධාවනයේ යෙදුණු බස් රථ කිහිපයකට ප්‍රදේශ කිහිපයකදී ප්‍රහාර එල්ල වී ඇති බව වාර්තා වෙයි.බේරුවල ප්‍රදේශයේ දී කොළඹ සිට දෙයියන්දර බලා ධාවනය වූ බස් රථයකට ප්‍රහාරයක් එල්ල වී ඇති අතර වරකාපොළ, තෝලංගමුව ප්‍රදේශයේදී මාතලේ සිට කොළඹ බලා ධාවනය වූ බස් රථයකට ප්‍රහාරයක් එල්ල වී ඇත.
එම ප්‍රහාරයකදී බස් රථයේ ගමන් ගත් පොලිස් නිලධාරියෙකු තුවාල ලබා ඇති අතර ඔහු ප්‍රතිකාර සඳහා වරකාපොළ මූලික රෝහලට ඇතුළත් කර තිබේ.
මෙම වර්ජනය සම්බන්ධයෙන් අදහස් පළ කරමින් ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ සභාපති රොෂාන් ගුණවර්ධන මහතා පවසා තිබුනේ බස් වර්ජනයක් ක්‍රියාත්මක කළ ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විඡේරත්න "රාජ්‍ය විරෝධියෙක්" බවයි.