කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී පැවති, 'ශූර ගොවියා' තරගාවලියේ අභිෂේක මංගල්‍ය, ජනප්‍රිය නළු නිලියන් දේපලක් වූ, ගයාන් වික්රමතිලකගේ සහ චතුරිකා පීරිස් ගේ ප්‍රේමය රටට කියා පෑමට, දෙරණ නාලිකා සහ සීඅයිසී (CIC) සමගම තනාදුන් වේදිකාවක් වුවා යයි මෙම අවස්ථාවට සහභාගිවූ සෙසු කලාකරුවන් පවසති.
තරග අවසානයේ ශූර ගොවියා තරගාවලියේ ශූරතාවය දිනු ගයාන් වික්රමතිලකගේ ඌව පළාතේ ශූර ගොවියාට දිමට කියා චතුරිකාට දෙනු ලැබු මල් කළඹ, ඇය විසින් පැමිණ ගයාන්ට දී ඔහුට සුභපතා වේදිකාවෙන් බැස යාම ඊට හේතුවී ඇත.
CIC සමගම විසින් සංවිධානය කරනු ලැබු, 'ශූර ගොවියා' තරගාවලියේ එම අභිෂේක මංගල්‍ය ආර්ථික සංවර්ධන ආමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇතුලූ මැති ඇමතිවරු රැසකගේ ප්‍රධානත්වයෙන් අති උත්කර්ශවත් ලෙස පැවැත්විණ.අපුරු විලාසිතා දැක්මකින් මෙන්ම සංගීතමය හා නර්තන අංගයන්ගෙන් පිරුණු ශූර ගොවියා ප්රසාංගික අද්දැකිම වසන්ත දුක්ගන්නාරළ මහතාගේ මෙහෙයවීම යටතේ සිදුවිය.ලංකාවේ සතර දෙසම අවරණය වන පරිදි දියත් කෙරුණු ශූර ගොවිය වැඩසටහන සඳහා කලාකරුවන්ගේද සහය ලබාගෙන තිබු අතර ප්‍රවීන කල ශිල්පින් අට දෙනෙකු, පළාත් අටකට බෙදා වෙන්කර ඒවායේ තනාපතිවරුන් ලෙස පත්කොට තිබිණ .
ශ්‍රියන්ත මෙන්ඩිස් - උතුරු මැද පළාත,
නිරෝෂා විරාජිණි - උතුරු පළාත,
නාලින් පෙරේරා - නැගෙනහිර පළාත,
ගයාන් වික්‍රමතිලක - ඌව පළාත,
ගයන්ත විජේරත්න - වයඹ පළාත,
සනත් කේ විමලසිරි - බස්නාහිර පළාත,
නිල්මිණී තෙන්නකොන් - මධ්‍යම පළාත,
සුරාජ් මාපා - දකුණු පළාත
මෙම තනාපතිවරු අටදෙනාගෙද කැපවීම හා තරගකාරී ස්භාවයන් සමග මෙ තරගය අපුරු තැනකට අවසානයේ කෙන්ද්‍ර විය.
දැවැන්ත සටනකින් පසු අවසානයේ ශූරගොවියා තරගාවලියේ ශූරතාවය හිමි වුයේ ගයාන් වික්‍රමතිලක තනාපතිත්වය දැරූ - ඌව පළාතේ ශූර ගොවි මහත්මයෙකුටයි.
අනුශූරතාවය නිල්මිණි තෙන්නකෝන් තනාපතිත්වය දැරූ මධ්‍යම පළාතේ ශූර ගොවි මහත්මයෙකුට හිමිවිය.
ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික අංශය නව මගකට යොමුවිය යුතු අවස්ථාවකට පැමිණ තිබෙන බවත්, සීඅයිසී ආයතනය කෘෂිකාර්මික අංශයේ වෙනසක් සඳහා නව හඳුන්වාදීම් කර ඇති බව තමන් දකින බවත් සභාව ඇමතු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.