අයියගෙ වැඩ වලට මං සම්බන්ධ නෑ - Damitha abeyratne

"හරිත වසන්තය" ආදායම් ක්‍රමය නිසා දමිතාගේ සොයුරා සැක පිට රිමාන්ඩ්
ප්‍රකට සිනමා හා ටෙලිනාට්‍ය නිළි දමිතා අබේරත්නගේ සොයුරා ඉඩම් වගා කර ආදායම් ලබාදෙන බව පවසා මුදල් වංචා කළැයි සැකකෙරුන හරිත වසන්තය නමැති ව්‍යාපෘතියට ඇගේ කිසිදු සම්බන්ධයක් නොමැති බව දමිතා අබේරත්න දන්වා සිටිනවා.

මෙම වංචාව නිසා ලක්ෂ 9 ක් අහිමිවූවෙකු පොලිසියට පැමිණිළි කිරීමෙන් පසු පසුගියදා දමිතාගේ සොයුරා රක්ෂිත බන්ධනාගාරයට යොමු කෙරුනේ අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වූ නඩුවකිනි.කෙසේ වෙතත් දමිතා වාසය කරන බොරලැස්ගමුව නිවසේ යාබදව වාසය කරන ඇයගේ සොයුරු සංජයගේ කීමට ඇය එම පුවත්පත් දැන්වීම් වලට පෙනී සිට ඇත.හරිත වසන්තය ව්‍යාපෘතියට අදාළ පුවත්පත් දැන්වීමට තමන් පෙනී සිටියේ සංජය බණ්ඩාර අබේරත්න යන තම සොහොයුරාගේ සහ අනෙක් පාර්ශ්වයේ හිතවත්කමක් නිසා බවත්, එය හුදෙක් හිතවත්කම මත මිසක් ගනුදෙනුවක් මත සිදුකරන ලද්දක් නොවන බවත් දමිතා පවසනවා.

එම පුවත්පත් දැන්වීමට තමන් පෙනී සිටියද එම ව්‍යාපෘතියෙන් සිදු කෙරෙන ගනුදෙනු පිළිබඳ තමන් දැනුවත් වී නොමැති බවද 2011 වර්ෂයේ ජුනි 21 වැනි දින මුදල් ලබානොගෙන තමන් පෙනී සිටි පුවත්පත් දැන්වීම ඉවත්කරන ලෙස ලිඛිතව ඉල්ලීමක් කළ බවද, 2011 වර්ෂයේ ජුනි 30 වැනි දින එය පිළිගත් බවට ලිඛිතව ලිපියක් ලැබුණු බවද, එතැන් සිට නැවත එම ව්‍යාපෘතියට අදාළ පුවත්පත් දැන්වීම්හි තමන් පෙනී නොසිටිය බවද දමිතා පවසනවා.

හරිත වසන්තය ව්‍යාපෘතිය මගින් යම්කිසි පාර්ශ්වයකට වංචාවක් සිදුවී තිබේ දැයි තමන් නොදන්නා බවත්, එසේ වංචාවක් සිදුවී නම් තමන්ගේ සොහොයුරා වුවද නිර්දෝෂී කරන්නට තමන් උත්සාහ නොගන්නා බවත්, මේ කිසිදු ක්‍රියාවකට තමන් සම්බන්ධ නොමැති බවට තමන්ගේ නිර්දෝෂී බව පැහැදිලි කිරීම අවශ්‍ය බවත් ඇය පවසනවා.

Gossip Lanka Hot News Previous News Archive