ඔංචිලි ලණුවක ගෙළ සිරවී දැරියක් මියයයි - Girl strangled by rope on swing

නිවසේ රෙදි වේලීම සඳහා බැඳ තිබූ ලණුවකින් සාදන ලද ඔංචිල්ලාවක සුරතල් බලු පැටවකුද සමග ඔංචිලි පදිමින් සිටි දහතුන් වියෑති පාසල් දැරියක එම ඔංචිල්ලාවේ ලණුවට ගෙල සිරවීමෙන් පෙරේදා (29 දා) පෙරවරුවේ මියගොස්‌ ඇත.

මෙසේ අවාසනාවන්ත ලෙස මියගොස්‌ ඇත්තේ හැටන් කොටගල පතන ජයසිරිපුර ගම්මානයේ පදිංචි පතන සිංහල මහා විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි දිලානි ප්‍රියදර්ශනී නමැති සිසුවියයි.මියගිය දැරියගේ පියා විද්‍යාලයේ පෙරේදා පැවැති ශ්‍රමදානයකට සහභාගි වී ඇත.

ඔහුට තේ යෑවීම සඳහා දැරියගේ මව තේ සූදානම් කර තම දියණිය අත පාසලට තේ පිටත් කිරීමේ අරමුණින් දැරිය කොහේදැයි සොයාබලා ඇත. එහිදී නිවසේ රෙදි වේලීම සඳහා නිවස ඉදිරිපිට බැඳ තිබූ ලණුවකින් ඔංචිල්ලාවක්‌ සාදා නිවසේ ඇති දැඩි කළ සුනඛ පැටියාද සුරතල් කරමින් ඔංචිලි පදිමින් සිටියදී එම ඔංචිල්ලාවේ ලණුවට ගෙල සිරවී දැරිය සිටින අයුරු ඇගේ මව විසින් දැක තිබේ. අසල්වාසීන්ගේද සහාය ඇතිව දැරිය කොටගල රෝහල වෙත ඇතුළත් කර ඇති අතර රෝහල්ගත කරන විටත් දැරිය මියගොස්‌ සිට ඇති බව වෛද්‍යවරු පවසති.

මියගොස්‌ ඇති දිලානි ප්‍රියදර්ශනී දැරිය නිවුන් දරුවකු බවත් වැඩිමලා පුතකු බවත් පවසන දැරියගේ පියා, ඇය ඉතා දක්‍ෂ ලෙස පාසල් අධ්‍යාපන කටයුතුවල නිරතව සිටි බවත් කියා සිටී. මියගිය දැරියගේ පියා හැටන් තලවාකැලේ මාර්ගයේ පෞද්ගලික බස්‌ රථයක කොන්දොස්‌තරවරයෙක්‌ ලෙස සේවය කරමින් සිටී. දැරියගේ හදිසි මරණ පරීක්‍ෂණය කොත්මලේ, මැදපනේ හදිසි මරණ පරීක්‍ෂක එන්. ජී. සුමනසිරි අල්විස්‌ මහතා විසින් 28 වැනිදා කොටගල දිසා රෝහලේදී පවත්වන ලදී.

මළ සිරුර පිළිබඳව පශ්චාත් මරණ පරීක්‍ෂණය පැවැත්වීම සඳහා නාවලපිටිය මූලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමුකර ඇති අතර (28 දා) පැවැත්වීමට නියමිතව තිබි
*A girl has died after being strangled by a rope used for a swing in a house in Jayasiripura, Dimbula.

Gossip Lanka Hot News Previous News Archive