සුදුවන බව පවසා ඖෂධයක් ලබාදී වංචාවක් සිදු කළ බවට චෝදනා එල්ලවී සිටින ජනපි‍්‍රය ගායිකාවක වන කේ.සුජීවා මේවන විට ඩුබායිහි වෙසෙන බව වාර්තා වේ.
ඇය ලංකාවෙන් පැන යාමෙන් පසුව ඇගේ නිවස එම ඖෂධ ලබාගත් පිරිස විසින් වටලා තිබිනි.පසුව ඇගේ සැමියා වන කැලුම් විසින් ඔවුන්ට තමා අදාල ගනුදෙනුවටලට කිසිදු සම්බන්ධයක් නැති බව පවසා ඉන් ගැලවී තිබූ බවද පැවසේ.
කෙසේවුවද මේවන විට කැලුම්, සුජීවාගෙන් දික්කසාදවීමට නඩුවක් පවරා ඇති බවද විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් වාර්තා වේ.සිනමා හා ටෙලි නාට්‍ය නිළියක් ලෙස ජනපි‍්‍රයත්වයට පත් නදීෂා හේමමාලිට සුදුවීමට එන්නතක් ලබා දුන්නේ සුජීවා බව මීට පෙර මාධ්‍ය හෙළිකර තිබිනි.
සුජීවාට රූපලාවන්‍යාගාරයක් තිබූ අතර, එහි කාන්තාවන්ට පවතින ප්‍රධාන ගැටලු දෙකක් සම්බන්ධයෙන් ප්‍රතිකාර කරනු ලැබීය.සම පැහැපත් කිරීම හා ඇග කෙට්ටු කිරීම එම රූපලාවන්‍යාගාරයෙන් සිදු කරනු ලැබූ ප්‍රතිකාර වේ.
සුජීවා, ඉන්දියාවේදී මනෝ විද්‍යාව සම්බන්ධයෙන් උපාධිය හදාරණ අතරවාරයේදී ලෝක ප්‍රකට රූපලාවන්‍ය ශිල්පියකු වන ශනාස් හුසේන්ගෙන් හර්බල් ඩිප්ලෝමාවක් ලබාගත් බවද ඇය මාධ්‍යට පවසා තිබිනි.
ඇයට සංගීතය පිළිබඳව ද විශාරද උපාධියක් තිබෙන අතර කේ. සුජීවා හා ජනපි‍්‍රය නිළි කාංචනා මෙන්ඩිස්ගේ උපන්දිනය යෙදී ඇත්තේ එකම දිනයකදී බවද ප්‍රසිද්ධ කාරනාවකි.
ඔවුන් දෙදෙනාම ඉපදී ඇත්තේ ජුනි මාසයේ 24 වැනිදාය.