කාගෙවත් දෙතොල් මං සිප ගන්නේ නෑ - Nirosha Perera
මොනවද නිරෝෂා අලුත් වැඩ?
'සෙවණැලි' චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපෑවා.
'එකමත් එක රටෙක චිත්‍රපටයේ වගේ චරිතයක්ද?
අපෝ නෑ. හෙවණැලි' චිත්‍රපටයේ හැම දර්ශනයකම මං ඉන්නවා. වැඩිහිටියන්ට පමණයි දර්ශන මුකුත්ම නෑ.
ඔයා චිත්‍රපටවල ආයිත් රඟපාන්නේ නෑ කිව්වනෙ?
එහෙම තීරණයක් නෑ.Script එකත් හොඳයි.රඟපාන්න වෙලාවකුත් තිබුණා. ඒක හොඳ කලාත්මක චිත්‍රපටයක්.
ඔයාගේ Niro with star programme එක දැන් කාගෙත් කතාබහට ලක්වෙලා නේද ?
ඔව්. ජනප්‍රියයි.
ඒත් සමහර අය බනිනව නේද?
එහෙම කවුරුත් මට බැනලා නෑ. ඇයි මට බනින්නේ.
ඔයා ඒකේ ගොඩක් කොටට අඳිනවට?
මං අඳින්නේ මගේ ඇඳුම්නේ. ඒක කාටවත් ප්‍රශ්නයක්
වෙන්නේ කොහොමද?
අනික මං Night Dress එකක් ඇඳගෙන ඉන්නෙනෑනේ programme එකේ Concept එකේහැටියට තමයි
අඳින්නේ.
එතකොට guestz kiss කරන එක?
ආ. ඒකද ප්‍රශ්නේ. programme එකේ Concept එක හැටියට guest එන්නේ අපේ ගෙදරට. ඉතින් ගෙදරට එන කෙනෙක් අපි පිළිගන්නේ බදාගෙන උණුසුම් විදියටනේ.
ඒකට තමයි වැඩිපුරම බනින්නේ?
ඉතින් මං දෙතොල් සිප ගැනීමක් කරන්නේ නෑනේ. ඒ නිසා ඔය චෝදනා මට එල්ල කරන්න බෑ.
ඔයාගේ යාළුවො මොකද කියන්නේ?
එයාල හරි කැමැතියි. ඒ ගොල්ලො අහන්නේ ඔය ඇඳුම් ගන්නෙ කොහෙන්ද කියලයි.යාළුවො අතරින් ජීවිතේට සමීපකර ගත්ත
යාළුවෙක් නැද්ද?
මගේ යාළුවො ඔක්කොම මට සමීපයි.
මං කිව්වෙ පෙම්වතෙක් ගැන?
මට හරියන කෙනෙක් මතක ඇති කාලෙක මුණගැහිලා නෑ. අනික මට තවම පෙම්වතකුගේ අවශ්‍යතාවක් නෑ.
ඔයත් හැමදාම ඔහොම ඉන්නද හදන්නේ?
ඒක දැන්ම කියන්න බෑ. වුවමනාවක් ඇතිවුණොත් තමයි විවාහ වෙන්න කෙනෙක් හොයාගන්න ඕනෑ
වෙන්නේ.
විවාහ නොවී ආදරය කරන්නත් පුළුවන්නෙ?
අපෝ Living together සංකල්පයට මං එකඟ නෑ.
ඔහොම ඉන්නකොට කොහොමද බේරිලා ඉන්නෙ?
මට එහෙම කරදරයක් නම් නෑ.
ඔයාට කට කතා හැදිල තියෙනව නේද?
ඒ මොනවද?
සිඩ්නි චන්ද්‍රසේකරත් එක්ක ඔයාගෙ සම්බන්ධයක් තියෙනව නේද?
ඔහොම කතාවක් මං පළමු වතාවටයි ඇහුවෙ. Mr සිඩ්නි මාව programme එකකට ගන්නකොට මට අවුරුදු 15යි. එයා මට තාත්ත කෙනෙක් වගේ නේ.
එතකොට සම්බන්ධයක් තිබුණෙම නැද්ද?
තිබුණා. ඒවා working Relation ship එකක් විතරයි.
Face Book එකේ යාළුවන්ගේ ප්‍රතිචාර කොහොමද?
මට FB Account එකක් තාම නෑ. ඒත් සමහරු මගේ නමින් Account එකක් open කරලා තියෙන බව මං දන්නවා. ඒත් මට ඒක ප්‍රශ්නයක් නෑ.
නිරෝෂා Night club යනවද?
මං එහෙම තැන්වල ඉන්නව ඔයා දැකලතියෙනවද? අඩුම තරමින් photo එකක්වත් වෙබ් අඩවියකවත්.
සැර ජාති බොන්නෙත් නැද්ද?
මං Beer එකක්වත් බොන්නේ නෑ. සිගරැට්, මත්ද්‍රව්‍ය කිසි දෙයක් පාවිච්චි කරන්නේ නෑ.
අවශ්‍ය නම් මට මස් මාළුවලිනුත් වැළකිල ඉන්න පුළුවන්.
සනත් ගුණතිලක එයාගේ එකමත් එක රටකචිත්‍රපටයට ඔයාවම ගන්න ඔච්චර දැඟලුවෙ ඇයි?
ඒ චරිතෙට හරියන්නේ මාවම විතරයි කියලා සනත් කිව්වා.
සනත් දවසක් "මව්බිම" පත්තරේට කිව්ව නිරෝෂ කැමැතිනම් එයාගෙ අකැමැත්තක් නෑ කියල?
මොනවටද? විවාහයකට? මාවයි සනත්වයි විවාහ කරවන්න මොකක්ද ඔයාට තියෙන වුවමනාව.
නෑ මං ඇහුවෙ සනත් එහෙම යෝජනාවක් ගෙනාවොත්?
සනත් ඉන්නේ මට වඩා බොහොම ඉදිරියෙන්. එයා ගැන මගේ හිතේ ලොකු ගෞරවයක් තියෙනවා. එයයි මමයි සැමියයි - බිරියයි වෙනව කියන්නේ අපි දෙන්නා සම මට්ටමට එනව කියන එකනේ. ඒක සනත්ට කරන අගෞරවයක්. ඒ නිසා
ඔයාගේ යෝජනාව අත්හැරල දාමු නේද?
කාගෙවත් දෙතොල් මං සිප ගන්නේ නෑ - Nirosha Perera
2013-07-07T14:29:00+05:30
aruna e
Actress
|
Arts
|