සක්විති ස්ත්‍රී දූෂණ වරද පිළිගනී - Sakvithi Ranasinghe's Rape Case

 "දූෂණය කළ නිසා සක්විතිට කුමාරිව බඳින්න වුණාලූ, ක්ලාස් ආපු කුමාරිට හදි කළේ වයස 14 දීලූ"
මූල්‍ය වංචා චෝදනාව නිසා සිරගතව සිටිමින් හා බහු විවාහ නඩු වලට පෙනී සිටි ලංකාවේ නමගිය ටියුෂන් ව්‍යාපාරික සක්විති රණසිංහට එරෙහිව පැවති වෙනත් ස්ත්‍රී දූෂණ නඩුවකදී ඔහු තම බිරියව වයස 14දී දූෂණය කළ බව පිළිගත්තා.මෙම නඩුවේදී සක්විති හෙළි කරන ලද තොරතුරු අනුව ඔහුගේ බහු විවාහය මෙන්ම වත්මන් බිරිය බාලවයස්කාරියකව සිටියදී ඔහු අතින් කෙළෙසුණ බවද පිළිගත්තා.
වාර්තාවන ආකාරයට සිද්ධිය මෙසේය.

සක්විති රණසිංහ පළමුවෙන්ම විවාහවී සිට ඇත්තේ වැල්ලම්පිටිය ප්‍රදේශයේ සුභාෂිණී ද සිල්වා ආරියරත්න නමැති කාන්තාවක සමගය. ඔහු ඇය සමග විවාහවී සිටියේ සක්විති රණසිංහ ටියුෂන් ගුරුවරයෙකු ලෙස ව්‍යාපාර ආරම්භ කළ වකවානුවේය. සක්විති රණසිංහ අධිකරණයේදී හෙළි කර සිටියේ තමා ජනප්‍රිය වෙමින් පැවති ඒ කාලයේ ටියුෂන් පන්ති ගණනාවක් පැවැත්වූ බවත් ඒ කාලයේ ඉංග්‍රීසී ඉගැන්වීමට ගෘෘප් ක්ලාස් කළ බවත්ය.

වත්මන් බිරිය වන කුමාරි අනුරාධිනි එවැනි කණ්ඩායම් පන්තියකට පැමිණි සිසුවියක වූ බව ඔහු කියා සිටියා. තමාට කුමාරි ගැන ඒ කාලයේ සිතක් පහළවූ බව සක්විති කිව්වා.ඔහු ඇය සමග සම්බන්ධයක් පවත්වා ගෙන ගිය කාලයේ ඇය වයස 14 ක බාලවයස්කාරියකවී සිටි බව ඔහු හෙළි කළා.

ඔවුන් අතර සම්බන්ධය දුරදිග යාමෙන් ඔහු ඇයව කෙළෙසූ බවත් පසුව ඇය ගැබ්ගත් බවත් සක්විති හෙළි කළා. ඒ අවස්ථාවේ කරන්නට දෙයක් නැතිවූ තමා විවාහක බිරිය අතහැර කුමාරි අනුරාධිනී සමග එකට ජීවත්වන්නට පටන් ගත් බව කියා සිටියා.ඔහු 1998දී කුමාරි අනුරාධිනී නමැත්තියව ගල්කිස්ස

ප්‍රදේශයේදී දූෂණයට ලක්කර ඇති බවත් පසුව ඇය බිරිය කරගෙන ඇති බවත් මේ අනුව හෙළිව තිඛෙන අතර ඇයව කුමාරි අනුරාධිනීගේ පියා වන ෙජ් ආරියරත්නගේ භාරකාරත්වයෙන් පැහැරගෙන ගොස් ඇති බවටද පැමිණිල්ලක් තිබුණා.

කෙසේ වෙතත් ඇගේ වයස සම්පූර්ණ වූ පසු සක්විති කුමාරිව විවාහ කරගෙන තිඛෙනවා. හොර රහසේම සිදු කරගෙන තිබුණ මෙම විවාහය කලින් විවාහයෙන් වෙන් නොවී කරගත් එකක් නිසා නීති විරෝධී බව පැමිණිලි පාර්ශ්වයෙන් දන්වා සිටියා.

සක්විති රණසිංහ කුමාරි අනුරාධිනි විවාහ කරගත් පසු ඔවුනට දරුවන් දෙදෙනෙකුද ලැබුණ අතර ඔහු කෝටිපතියෙකු වූයේ මේ කාලයේය. පසුව ඔහු මූල්‍ය වංචාව කරමින් සැ`ගවී සිටියදී කොටුවූයේද කුමාරි අනුරාධිනී සමග සිටියදීය.

තම විවාහක බිරිය සිටියදී වෙනත් විවාහයක් කරගැනීම සම්බන්ධයෙන් පසුගිය ජනවාරි මාසයේ සක්විති රණසිංහ කොළඹ මහ අධිකරණයේදී වරද පිළිගත්තා. ඒ අනුව ඔහුට වසර දෙකහමාරක සිර ද~ුවම් හිමි වුනේ මූල්‍ය වංචාවට අමතරවය.

තම බිරිය බාලවයස්කාරියකව සිටියදී දූෂණය කළ බවට සක්විති රණසිංහ ඊයේ වරද පිළිගත්තේ තවත් නඩුවකට අනුවය.

මෙම දූෂණය සිදු කර ඇත්තේ ඇයට වයස 16 ටත් වඩා අඩු වයසක් තිඛෙන අවස්ථාවක නිසා එය බාලවයස්කාරියක දූෂණය කිරීමේ වරදට හසුව තිඛෙනවා. මෙම වරද සම්බන්ධයෙන් ඔහුට ලැඛෙන ද~ුවම ඉදිරියේදී තීරණය කරන්නට ඉඩ තබා නඩුව ලබන 8 වනදා තෙක් කල් තැබුණා.

Gossip Lanka Hot News Previous News Archive