මම කැමැති අය දැන් බැඳලා - Sanoja Bibile

නිළියක් විතරක් නෙවෙයි, රූප සුන්දරියක්. දක්‍ෂ ක්‍රීඩිකාවක් වුණු සනෝජා බිබිලේ තාමත් තනිකඩ තාරකාවක්. පාළුව, තනිකම ගැන කතා කරන සනෝජා ඒ පාළුව, තනිකම දුරුකරගන්නත් කැමැත්තෙන් ඉන්නේ. ඇයට ගැලපෙන සහකරු හමුවේවිද? අපි එය අනාගතයට බාර කරමු.

ආදරය ගැන සනෝජාගේ මුල්ම මතකය කොහොමද?
මම මහනුවර උසස් බාලිකා විදුහලේ ඉගෙන ගන්න කාලෙ ධර්මරාජ විදුහලේ සිසුවෙක් එක්ක සුන්දර ආදර සම්බන්ධයක් තිබුණා. තද නීති මැද නේවාසිකාගාරයෙ හිටියත් ලියුම් ලියල යාළුවො අතේ යවනවා. නිතර හමුවෙන්න බැරි වුණත් හරිම සුන්දර පිවිතුරු ආදරයක් ඒ ආදරය. 

මුළු නුවරම දැනගෙන හිටියා අපේ සම්බන්ධය. ඒ නිසාම අම්මලගෙන් ගුටි කෑ වාර අනන්තයි. මුලින් ගෙදර ඉඳන් පාසල් ගියත් නේවාසිකාගාරයට දැම්මෙත් මේ සම්බන්ධෙ නවත්තන්නයි. මම රැකියාවට කොළඹ එනතුරු ඒ බැඳීම තිබුණා. ඒත් අන්තිමට මට හරියටම ඒ ආදරය තේරුම් ගන්න බැරි වුණ නිසාද මන්දාම මම එයින් මිදුණා. ඒක දෛවය. හැබැයි අපේ ආදරය විවාහයකින් කෙළවර වුණා නම් අද මම අසරණ වෙනවා. එයා වෙන කෙනෙක්ව විවාහ කරගෙන ඉඳල පිළිකාවකින් මැරුණා. දඟකාර මම මුලින්ම ආදරය කළ අහිංසක එයාව මට අදත් මතක් වෙනවා.


• ඊට පස්සෙ සම්බන්ධතා තිබුණෙ නැද්ද?
කොළඹ ආ පසුව දිග සම්බන්ධතා තිබුණෙ නෑ. නොතිබුණාම නෙවෙයි. ඒත් ඒවා ඇතිවෙලා නැති වෙලා ගියා. සිනමාවෙදි හමුවුණු නළුවන්ට නිෂ්පාදකයන්ට නම් මම ආදරය කළේ නෑ.

• රන්ජන් රාමනායකගේ මුල්ම සිනමා පෙම්වතිය ඔයා. රන්ජන් ගැන ආදරයක් හිතුණෙ නැද්ද?
නෑනේ. මගේ තුන්වැනි චිත්‍රපටය තමයි එයාගෙ මුල් චිත්‍රපටය. ඒ සෝමරත්න රාමනායකගෙ 'ජය කොතැනද' ඒකෙ රඟපාන කාලෙදිවත්, පස්සෙවත් එහෙම හිතුණෙ නෑ.

• දේශපාලකයන් එක්ක සම්බන්ධතා තිබුණද?
නෑ. සමහරුන් මිතුරන් වගේ ඇසුරු කළා පමණයි.

• නිළියක්. රූප සුන්දරියක් හැටියට ගත කළ කාලෙ කිසිම කෙනෙක් හිතට ළංවුණේ නැද්ද?
යම් යම් අය ළං වුණාට මගේ හිතට හරියටම හරි ගියේ නෑ.

• අම්ම තාත්ත පවුලේ අය විවාහ වෙන්න කිව්වේ නැද්ද?
බලපෑම් කළා. තවමත් කරනවා. මම කැමැති අය බැඳල. මට කැමැති අයට මම කැමැති නෑ. ඉතින් කොහොමද විවාහ වෙන්නෙ?

• සහෝදර සහෝදරියො?
අයියයි අක්කයි නංගියි තුන්දෙනාම බැඳල. අයියට විතරයි දරුවො ඉන්නෙ. ඒ අය දැක්කම විවාහ වුණා නම් හොඳයි කියල හිතිල තියෙනව.

• නෙට්බෝල් ක්‍රීඩිකාවක් හැටියට විදේශ සංචාර යද්දී ආදරයක් හමුවුණේ නැද්ද?
ඒත් නෑනේ.

• සනෝජාගේ ආඩම්බරකමක් නිසා පෙම්වතුන් අෑත් වෙනවද?
එහෙම වෙන්නත් ඇති.

• මංගල යෝජනා ගොඩක් ආවලු නේද?
ඔව්. ඒත් මගේ වුවමනාවක් නැතිකමට මඟ හැරුණා. උඩරට පහතරට බේදය මම සලකන්නෙ නෑ. හැබැයි ගොවිගම කුලයේ කෙනෙක් වෙන්න ඕනෑ. උස මහත ප්‍රියමනාප සතුටින් ඉන්න කෙනෙක් තමයි බඳිනව නං බඳින්න ඕනෑ.

• තනි වුණු වෙලාවට?
දැන් නම් ඹ්ඹ්ඕ වලටයි, ජනසන්නිවේදන බාහිර උපාධියටයි පාඩම් කරනවා. පොත් කියවනවා. චිත්‍රපට බලනවා. සින්දු කියන්න උත්සාහ කරනවා.

• ලෙඩ දුකකදී කවුද ළඟ ඉන්නෙ?
මගේ ඇන්ටි කෙනෙකුයි වැඩට කෙනෙකුයි ඉන්නවා. ලොකු ලෙඩකදි දුකකදී මොනව කරන්නද කියන එක හිතාගන්න බෑ.

• අද කලාකරුවො වැඩිපුර දික්කසාද වෙන්නෙ ඇයි?
දැකීමෙන් ආසාව ඇති කරගෙන ක්‍ෂණිකව විවාහ වුණාට බැන්දට පස්සෙ එකිනෙකා ගැන අවබෝධයක් නෑ. මම නම් එහෙම විවාහ වෙන්න කැමැති නෑ. ගොඩක් දික්කසාදවලට හේතුව ඕකයි.

• Living Together සංකල්පය ගැන මොකද හිතන්නෙ?  ඔයාට කවුරුහරි එහෙම ඉන්න යෝජනා කළොත්?
අපේ සංස්කෘතියට අනුව ඒක අනුමත කරන්න බෑ. මම කැමැති නෑ. ඒ සිංහල මිනිහා සතේකට විශ්වාස කරන්න බැරි නිසා.

• හඳහනේ ඔයාගේ විවාහය ගැන මොනවද කියල තියෙන්නෙ?
බඳිනවලු. පහුවෙලා හරි බඳිනවලු. හරි කෙනා හරියට තෝරගන්නලු.

• එක්තරා සාදයකදී ඔයාව අසීරුතාවකට පත් කළ පිටස්තර පුද්ගලයකුට සටන් නළු සරත් සිල්වා පහර දෙන්න ගියා නේද? තනිකඩකම නිසා නේද ඒ වගේ අනාරක්‍ෂිත වෙන්නේ?
සරත් අයියා ක්‍ෂේත්‍රයේ මම වැඩිපුරම ඇසුරක් නැති කෙනෙක් වුණත් 'අපේ කෙල්ලන්ට එහෙම පල් පාට් දාන්න දෙන්න බෑ කියල ඒ පුද්ගලයට ගහන්න ගිය හැටි මට අමතක නෑ. ඒ වගේ අනාරක්‍ෂිත වෙන්නේ තනිකඩකම නිසා තමයි. ඒ වගේ අවස්ථා ගොඩකට මූණ දීල තියෙනවා. සරත් සිල්වා එහෙම කළාට දැන් නිළියන්ව ආරක්‍ෂා කරන නළුවො අඩුයි.

• සනෝජාට 'තමුසෙ' කිව්වා කියල රන්ජන් රාමනායක එක්ක රණ්ඩු වෙලා තරහ වුණා නේද?
'තමුසෙ' කියන වචනෙ මම අහන්න අකමැතිම වචනෙයි. රන්ජන් එහෙම කිව්වම මම තරහ වුණේ ඒ නිසයි. පස්සෙ යාළු වුණා. මම බැන්‍ෙදාත් බඳින කෙනාටත් කියල දෙනවා කවදාවත් 'තමුසෙ' කියන්න නම් එපා කියල. කිව්වොත් ලොකු ගෝරියක් තමයි.

• මෙහෙම ගිහින් සනෝජා බිබිලේ තනිකඩවම ඉඳීවිද?
තනිකඩව හැමදාම ඉන්න නම් මම කැමැති නෑ. මට තනිකම දැනෙනවා. ඒත් ජීවිතේ සිද්ධ වෙන දේවල් ගැන හරියටම කාටද කියන්න පුළුවන්.?

ආනන්ද පද්මසිරි
ඡායා - අසන්ත ගමආරච්චි

Gossip Lanka Hot News Previous News Archive