ශ්‍රී ලංකාවට අද එන්නේ ගංකබර නායකයන් - Tissa Attanayake

 පිළිගත් නායකයන් කිසිවකු නෑ..
‘රාජපක්ෂ පාලනය යටතේ පිළිගත් ලෝක නායකයන් කිසිවකුත් නොපැමිණෙන ශ්‍රී ලංකාවට අද එන්නේ ගං කබරයන් වැනි නායකයන් පමණයි’ යයි එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් තිස්ස අත්තනායක මහතා මාතලේදී පැවැසීය.

ශ්‍රී ලංකාවේ ජනාධිපතිට ලෝකයේ පිළිගත් කිසිම රටකින් ඇරියුම් ලැබෙන්නේ නැතැයිද තිස්ස අත්තනායක මහතා තවදුරටත් ප‍්‍රකාශ කළේය.එක්සත් ජාතික පක්ෂ මාතලේ ආසන බල මණ්ඩල රැස්වීමට සහභාගි වෙමින් එජාප මහලේකම්වරයා එසේ පැවසීය. මාතලේ ආසන බලමණ්ඩල රැස්වීම එජාප සංවිධායක සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රී වසන්ත අලූවිහාරේ මහතා විසින් සංවිධාන කර තිබුණි.

‘ආණ්ඩුවට දැන් ආධාර අවශ්‍ය නිසා ඔවුන් ආධාර හොයාගෙන අපි‍්‍රකානු මහාද්වීපයේ රටවලට ගියා. ජනාධිපතිවරයා ප‍්‍රමුඛ ආණ්ඩුව ලකුණු දමා ගැනීම සඳහා ඒ රටවලට අපේ රටේ ජනතාවගේ බදු මුදල් ආධාර ලෙස දුන්නා. මෙහෙම විහිළු වැඩ ඉතිහාසයේ කවදාවත් වෙලා නැහැ.


ජනාධිපතිවරයා මෙසේ දෙන්නේ අපේ රටේ ජනතාව උකසට තබා ආණ්ඩුව ලෝකයේ විවිධ රටවලින් ගිනි පොලියට ගන්නා ණය මුදල් බව අමතක කරන්න එපා. මේ අදුරදර්ශී ආණ්ඩුව ගෙදර යැවීමේ පළමු වෙඩි මුරය මධ්‍යම පළාත් සභාවෙන් ආරම්භ කරනවා’ යැයි ද එජාප මහලේකම්වරයා තවදුරටත් පැවසීය.

Gossip Lanka Hot News Previous News Archive