විමර්ශනවලට බලපෑම් එපා
කෝටිපති ව්‍යාපාරිකයාගේ ඝාතනය සම්බන්ධව සිදුකෙරෙන විමර්ශනවලට කිසිම අයුරකින් බලපෑම් නොකරන ලෙසත් සාක්කිකරුවන්ට තර්ජනය නොකරන ලෙසත් දන්වමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් එම්. සහබ්දීන් මහතා ඊයේ (4) හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාගේ බිරියට තරයේ අවවාද කළේය. අධිකරණය මඟින් නිකුත් කර තිබූ සිතාසියකට අනුව කහවිලගමගේ ශ්‍යාමලී ප්‍රියදර්ශනී පෙරේරා මහත්මිය සිය නීතිඥවරයකු මාර්ගයෙන් ඊයේ (04) අධිකරණයට බාර විය.
කෝටිපති ව්‍යාපාරිකයාගේ ඝාතනය සම්බන්ධව සිදුකෙරෙන විමර්ශනවලට කිසිම අයුරකින් බලපෑම් නොකරන ලෙසත් සාක්කිකරුවන්ට තර්ජනය නොකරන ලෙසත් දන්වමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් එම්. සහබ්දීන් මහතා ඊයේ (4) හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාගේ බිරියට තරයේ අවවාද කළේය. අධිකරණය මඟින් නිකුත් කර තිබූ සිතාසියකට අනුව කහවිලගමගේ ශ්‍යාමලී ප්‍රියදර්ශනී පෙරේරා මහත්මිය සිය නීතිඥවරයකු මාර්ගයෙන් ඊයේ (04) අධිකරණයට බාර විය.
සැකකරුවකුගේ බිරියකට දුරකථන ඇමතුම් 25ක් ලබාදී තර්ජනය කිරීමක් සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාගේ බිරියට මේ මස 9 වන දින අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වමින් ඉකුත් (23) වන දින මහේස්ත්‍රාත්වරයා නොතීසි නිකුත් කොට තිබිණ.පුද්ගලික හේතු මත එදිනට අධිකරණයේ පෙනී සිටීමට නොහැකි බව සඳහන් කරමින් ඇය ඊයේ (04) මෝසමක් අධිකරණයට ගොනු කරමින් අධිකරණය හමුවේ පෙනී සිටියාය.
මෙහිදී සිය සේවාදායිකාව වෙනුවෙන් අධිකරණය හමුවේ කරුණු දැක්වූ නීතිඥ අජිත් පතිරණ මහතා පවසා සිටියේ අධිකරණයෙන් නිකුත් කරන ලද සිතාසියකට අනුව අද (04) දින මෝසමක් මඟින් අධිකරණයට ගරු කිරීමක් වශයෙන් පෙනී සිටින බවය.
සිතාසියේ දක්වා ඇත්තේ මේ මස 09 වන දින අධිකරණයේ පෙනී සිටීමට වූවත් තමාගේ පුද්ගලික අපහසුතා හේතුවෙන් එදිනට පෙනී නොසිටීමට කරුණු යෙදී ඇති හෙයින් අද දින පෙනී සිටින බවට නීතිඥවරයා වැඩිදුරටත් කරුණු දක්වමින් පැවැසීය. වර්ෂ 2013/6/25 වන දින රහස් පොලිසියේ වැඩිදුර වාර්තාවට අනුව මා විසින් 0777708849 දරන දුරකථනයෙන් මෙම නඩුවේ සැකකරුවෙකු වන කොස්තාපල් ඒ. පී. සරත්චන්ද්‍ර (57709) යන අයගේ බිරියට දෙන ලද දුරකථන ඇමතුම් සම්බන්ධයෙන් කරුණු සැලකර “ඔයාගේ මහත්තයා රජයේ සාක්කිකරුවකු වෙන්න යන බව ආරංචි වුණා, අපට විරුද්ධව කතා කරනවද? එහෙම රජයේ සාක්කිකරුවෙකු වෙන්න එපා, පවුලේ කාගේ හරි දුරකථන අංකයක් ලබා දෙන්න” යනුවෙන් සඳහන් කර සිටී.
එම තැනැත්තිය ඒ සම්බන්ධයෙන් කොටවෙහෙර පොලිසියට ද පැමිණිලි කර තිබේ. මාගේ සේවාදායිකාව එලෙස කිසිදු ආකාරයක බලපෑමක් නොකළ බවට ගරු අධිකරණයේ පවසන බව පැවසූ නීතිඥවරයා මෙම දෙබස ද බැලූ බැල්මට තර්ජනයක හෝ බලපෑම් ස්වරූපයක් නොගන්නා බව පැවැසීය.
නීතිඥ අජිත් පතිරණ – ගරු ස්වාමිනි, රහස් පොලිසිය නීතියේ කාර්ය පටිපාටියට පිටස්තර ලෙස කටයුතු කොට නීතිය අතට ගෙන අත්තනෝමතිකව ක්‍රියාකර නඩුව සඳහා සාක්කි නිර්මාණය කිරීමට උත්සාහ දරනවා.
ඉන් එක් සිදුවීමක් මේ වනවිට බී වාර්තාවේ රහස් පොලිසියට සැලකර තිබෙනවා. මෙම පැමිණිල්ල කරන ලද බිරියගේ ස්වාමියා ඒ. පී. සරත්චන්ද්‍ර තුන්වන මහේස්ත්‍රාත් අධිකරණයේ දණ්ඩ නීති සංග්‍රහයේ 127 වගන්ති ප්‍රකාරව මෙම නිලධාරියා මඟින් බී වාර්තා අයැද සිටිනවා.
127 සම්බන්ධයෙන් පැහැදිලි විවරන කරන ලද නඩු තීන්දුවක් වන “රැජිනට එරෙහි ඥානසිංහ තෙර’ ගරු අධිකරණයට ඉදිරිපත් කරනවා. සැකකරුවකු පොලිසිය බාරයේ සිටිය දී ඔහුගෙන් ප්‍රකාශ ලබා ගන්නා අයුරු මෙහි පැහැදිලිව සඳහන් වෙනවා.
1960, 63 එන්.එල්.එල්.ආර්. 121 එම හේතුව මතම තර්ජනාත්මක ස්වරූපය හා අධිකරණයට පැහැදිලි කර දී තිබෙනවා. මෙම ක්‍රියා මඟින් පැහැදිලි වන්නේ අධිකරණය නොමඟ යවා තමාගේ බලය යොදා සැකකරුවකුගේ ප්‍රකාශ ලබාගෙන වැරදි ආකාරයට විමර්ශනය සඳහා යොදා ගැනීමට පොලිසිය උත්සහ දරනවා.
මාගේ සේවාදායිකාවගේ පවුලේ සාමාජිකයින් මේ නඩුවට ඈඳා ගැනීමට උත්සහ දරන පොලිසිය වාස් විසින් පොලිසියට කරන ලද තර්ජනාත්මක ප්‍රකාශ හා මාගේ සේවාදායිකාව කරන ලද තර්ජනාත්මක දුරකථන සංවාදයන්හි කිසිම සත්‍යතාවයක් නොමැති බවට මා මෙහිදී පවසා සිටිනවා.
මෙහි යටි අරමුණ වන්නේ ස්වාමිපුරුෂයාට ඇප ලබාගැනීමේදී ඊට විරුද්ධ වීම සඳහා කෙරෙන උපක්‍රමයක් ලෙස මා මෙය දකිනවා. ගාමිණී සරත්චන්ද්‍ර 2013/6/17 දින දී තිබෙනවා. දුරකථන ඇමතුම් ලබාගෙන ඇත්තේ ඊට දින තුනකට පෙරයි.
රහස් පොලිස් අත්අඩංගුවට පත් වූ නිලධාරින් මාගේ ස්වාමිපුරුෂයා යටතේ වසර 7කට ආසන්න කාලයක් සේවය කළ අයයි. ඔවුන්ගේ පවුල්වල අයගේ දුක සැප බැලුවේ අපි. එම විශ්වාසය අප සතු වෙනවා. එබැවින් දුරකථන 25න් 20ක්ම දී ඇත්තේ දුක සැප විමසීමටයි.
අපේ ජීවිතවලට බරපතළ තර්ජනයක් තියෙනවා. පුතායි මායි විතරයි නිවසේ ඉන්නේ. එහෙයින් ගරු අධිකරණයෙන් වගකීමෙන් පවසන්නේ ඔවුන්ට දුරකථන ඇමතුම් ලබාදීමට හෝ පිළිතුරු දීමෙන් වැළකී සිටින බවයි.
මහේස්ත්‍රාත් මොහොමඩ් සහබ්දීන් මහතා - 2013/6/23 වැඩිදුර වාර්තාවට අනුව තුන්වන සැකකරුගේ බිරිඳට අධිකරණයේ පෙනී සිටීමට නොතීසි නිකුත් කර තිබුණා. ඇයට නොතිසි නිකුත් කරනු ලැබූවේ පැමිණිල්ලේ කරුණු සලකාය. අද දින මෙම තැනැත්තිය මින් මතුවට පැමිණිලි පාර්ශ්වයට දුරකථන ඇමතුම් ලබා නොදෙනු ලෙස හා ලැබෙන ඇමතුම්වලට පිළිතුරු නොදෙන බවට පොරොන්දු වෙයි. එබැවින් සාක්කිකරුවන්ට බලපෑම් නොකරන ලෙස හා විමර්ශනයට බාධා වන ලෙස සාක්කිකරුවන්ට කිසිම අයුරකින් බලපෑම් හෝ තර්ජනය නොකරන ලෙසට තරයේ අවවාද කරමි. ඒ අනුව ලබන 9 වන දින අධිකරණයේ පෙනී සිටීමට අවශ්‍ය නොවන බව දන්වමි.
නීතිඥ අජිත් පතිරණ, මධුර වෙල්ගම, රසික සමරවික්‍රම හා නීතිඥ අනුර සෙනෙවිරත්න මහතා හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාගේ බිරිය වෙනුවෙන් අධිකරණයට කරුණු දැක්වූහ.