තොරතුරක් දුන්නොත් ලක්ෂ10ක තෑග්ගක්

ගම්පහ නගරයේ පිහිටි “මර්චන්ට් කේ‍රඩිට් ඔෆ් ශ්‍රී ලංකා ලිමිටඩ්” ආයතනය වෙත පැමිණි කණ්ඩායමක් විසින් සංවිධානාත්මක ලෙස එහි සේවකයන් බිය ගන්වා රුපියල් එක් කෝටි හැට අට ලක්‍ෂයකට අධික වටිනාකමක් ඇති රන් භාණ්ඩ හා රුපියල් ‍ෙදාළොස් ලක්‍ෂයකට ආසන්න මුදලක් කොල්ලකෑමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවන් පිළිබඳ තොරතුරු තවමත් පොලිසිය වෙත අනාවරණය කර ගැනීමට නොහැකි වූ බව ගම්පහ පොලිස් ස්ථානයේ ඉහළ නිලධාරියෙක්  කීවේය.

මේ මූල්‍ය ආයතනයේ රන් භාණ්ඩ හා මුදල් කොල්ලය සිදුකළ පුද්ගලයන්ගේ හැඩරුව එම ආයතනයේ සවිකර තිබූ සී.සී.ටී.වී. කැමරා පද්ධතියේ පටිගත වී තිබේ.
මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි බුද්ධික සිරිවර්ධන මහතාගෙන් කළ විමසීමකදී ඔහු පැවැසුවේ එම කොල්ල කෑම සඳහා සාමාන්‍ය පුද්ගලයන් සේ පැමිණ එහි සේවකයන් බියගන්වා කාමරයකට දමා සිරකර තිබීම හේතුවෙන් කොල්ලකරුවන් පැමිණි ආකාරය හෝ කොල්ල කෑමට යොදාගත් රථයක් පිළිබඳ තොරතුරු අනාවරණය වී නොමැති බවයි.

එම ආයතනයේ සී.සී.ටී.වී. කැමරා පද්ධතියේ පටිගතවී ඇති සැකකරුවන්ගේ ඡායාරූප මඟින් ඔවුන්ගේ නිවැරැදි තොරතුරු වෙතොත් ඒ පිළිබඳ ලබාදෙන අය වෙත රුපියල් ලක්‍ෂ 10ක ත්‍යාග මුදලක් පිරිනැමීමට පොලිස් දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බවත්, එම නිවැරැදි තොරතුරු ලබාදෙන අයගේ පූර්ණ රහස්‍යභාවය ආරක්‍ෂා කිරීමට පොලිස් දෙපාර්තමේන්තුව කටයුතු කරන බවටත් හෙතෙම සඳහන් කරයි.


කොල්ලකරුවන් පිළිබඳ සාර්ථක තොරතුරු ඇතොත් නියෝජ්‍ය පොලිස්පති, බස්නාහිර උතුර 0777923922, 0112911197 පොලිස් අධිකාරි ගම්පහ 0774784646, 0332222228 ස්ථානාධිපති / අපරාධ කොට්ඨාසය බස්නාහිර පළාත උතුර 0773917092, 0112947780 යන දුරකතන අංක වෙත දැනුම් දෙන ලෙසට මහජනතාවගෙන් පොලිසිය ඉල්ලීමක් කරයි.

Gossip Lanka Hot News Previous News Archive