ආසියාවේ විශාලම කුඩු තොගය අල්ලයි - වටිනාකම බිලියන 10 පනී

රුපියල් බිලියන 10 කට වැඩි වටිනා කමින් යුත් බ්‍රවුන් ශුගර් වර්ගයේ හෙරොයින් කිලෝ ග්‍රෑම් 175 කට අධික මත් ද්‍රව්‍ය තොගයක් අද ඔරුගොඩවත්ත රේගු පර්යන්තයේදී ශ්‍රී ලංකා රේගුවේ සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබූ අතර මෙම හෙරොයින් තොගය මෙරටට ගෙන්වීමට ක්‍රියා කිරීම සම්බන්ධයෙන් පකිස්තානු ජාතිකයෙක් සහ ලාංකිකයින් තිදෙනෙක් අත් අඩංගුවට ගෙන තිබේ.

මෙම හෙරොයින් තොගය මෙතෙක් ආසියානු කලාපයේදී අත් අඩංගුවට ගත් විශාලතම මත් ද්‍රව්‍ය තොගය වන අතර මිට පෙර බංගලාදේශයේදී එරට ආරක්ෂක අංශ හෙරොයින් කිලෝ ග්‍රෑම් 100ක ප්‍රමාණයක් අත් අඩංගුවට ගෙන තිබිණි.
පකිස්ථානයේ කරච්චි නුවර සිට "ශා" ඉන්ද්‍රස්ට්‍රිස් නමැති සමාගමක් යටතේ මෙම හෙරොයින් තොගය සහිත කන්ටේනරය ගේනවා ඇත. එතුල තුල තිබී මෙම මත් ද්‍රව්‍ය තොගය අත් අඩංගුවට ගැනුණි. වාහන වලට යොදන ග්‍රීස් සහ හාඩ්වෙයා උපකරණ ගෙන්වන බව පවසා මෙම කන්ටේනරය මෙරටට ගෙනවිත් ඇති අතර එහිදී කන්ටේනරයේ අඩංගුව තිබුණු ග්‍රීස් ටින් වල ග්‍රීස් ඉවත්කර පොලිතින්වල ඔතන ලද හෙරොයින් සගවා තිබේ.


බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාශයට ලැබුණු තොරතුරකට අනුව මේ සම්බන්දයෙන් පොලිස් මත් ද්‍රව්‍ය කාර්යංශයට දැනුම් දී ඇති අතර ඒ අනුව ඔවුන්ට තොරතුරු ලැබී ඇත්තේ මෙම කන්ටේනරය ලංකාවේදී භාර ගැනීමට සිටින පුද්ගලයා බොරැල්ල ප්‍රදේශයේ හෝටලයක නැවතී සිටින බවයි. ඒ අනුව ජුනි මස 23 වනදා පරීක්ෂණ ආරම්භකල මත් ද්‍රව්‍ය කාර්යාංශ නිලදාරීන් විසින් මේ සම්බන්දයෙන් බොරැල්ල හෝටලයේ නැවතී සිටි පුද්ගලයාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට ගොස් ඇත.
එහිදී ජුනි මස 28 වනදා සැකකරුගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට ගිය අවස්ථාවේ ඔහුගේ කාමරයේ තවත් පකිස්තානු ජාතිකයි දෙදෙනෙක් සිට ඇති අතර එහිදී කට උත්තරය ලබා ගැනීමේදී සැකකරු ප්‍රකාශකර ඇත්තේ මෙරටදී තමා කන්ටේනරය භාරගැනීමට සිටින බවත් නමුත් එහි ඇත්තේ ග්‍රීස් බැවින් කන්ටේනරය නිදහස් කිරීමට ඛනිජ තෙල් සංස්ථාවෙන් අවශ්‍ය බලපත්‍රය නොමැතිකම හේතුවෙන් එම බලපත්‍ර ලබා දෙන තෙක් රේගුව විසින් කන්ටේනරය නිදහස් කිරීම සිදු නොකරන බවයි.

එහිදී කන්ටේනරයේ අඩංගු දේ පිළිබඳව සැකකරු විසින් ඔහුගේ ජංගම දුරකතනයෙන් සඳහන්වූ ජයාරූප කිහිපයක් පොලිස් නිලධාරීන්ට පෙන්වා ඇති අතර එම ඡායා රුප වල සටහන්ව තිබී ඇත්තේ මෙම ග්‍රීස් ටින්ය. එහිදී කන්ටේනරය රේගුවේදී විවෘත කරන දිනය පොලිසියට දැනුම් දෙන ලෙස දන්වා ඇත.
සැක සහිත කන්ටේනරයක් ඈති බවත් එය විවෘත කරන දිනය දැනුම් දෙන ලෙසත් පොලිස් මත් ද්‍රව්‍ය කාර්යාංශය රේගුවට ලිඛිතව දැනුම් දී තිබේ.
අදාල කන්ටේනරය මෙරටදී බාරගැනීමට සිටි සැකකරු විසින් කන්ටේනරය නිදහස් කර ගැනීමට අවශ්‍ය බලපත්‍ර සකස් කර ගැනීමෙන් අනතුරුව අද දින කන්ටේනරය විවෘත කරන බව රේගුවෙන් සහ අදාල සැකකරු විසින් පොලිස් මත ද්‍රව්‍ය නාශක කාර්යංශයට දැනුම් දී ඇත.
ඒ අනුව ක්‍රියාත්මක වූ රේගු නිලධාරීන් සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ නිලධාරීන් විසින් මත් ද්‍රව්‍ය තොගය අත් අඩංගුවට ගනු ලැබිය.

Gossip Lanka Hot News Previous News Archive