
ක්‍රීඩිකාවන් 27 දෙනකුගෙන් සමන්විත ('ඒ' සහ 'බී' කාණ්‌ඩ දෙකකින්) ක්‍රියාත්මක වූ අදාළ ඉසව්වේ මූලික වටයේදී නදීකා ලක්‌මාලි 'බී' කාණ්‌ඩය නියෝජනය කරමින් 7 වැනි ස්‌ථානයට පත්වූ අතර දෙඅංශයේ සමස්‌ත තරග නිමාව අනුව නදීකා දැනට 12 වැනි ස්‌ථානයේ පසුවෙයි.අදාළ ඉසව්වේ අවසන් තරගය නියෝජනය කිරීම සඳහා මීටර 61.50 ක දුරක් සම්පූර්ණ කරන ලද ක්‍රීඩිකාවන් 12 දෙනකු තෝරා ගැනීමට ජාත්‍යන්තර මලල ක්‍රීඩා සම්මේලනය පියවර ගෙන තිබුණි. එම සීමාවේ ක්‍රීඩිකාවන් 11 දෙනකු පමණක් සිටි හෙයින් මීටර 60.39 කින් තරගය නිමකොට සිටි ඊළඟ ක්‍රීඩිකාව වූ නදීකා ලක්‌මාලිට එම අවස්‌ථාව හිමිවිය.
නදීකා ලක්‌මාලිගේ උපරිම දක්‍ෂතාව මීටර 60.64 ක් වන අතර ඉකුත්දා කොළඹ පැවති අන්තර් යුද හමුදා රෙජිමේන්තු මලල ක්‍රීඩා ශූරතාවේදී එම තරග නිමාව වාර්තා කොට මොස්‌කව් ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලිය නියෝජනය කිරීමට වරම් ලබාගත්තාය.
ගාල්ල ඇල්පිටිය ප්‍රදේශයෙන් බිහි වූ ක්‍රීඩිකාවක වන නදීකා ලක්‌මාලි ශ්‍රී ලංකා යුද හමුදාව හරහා ජාතික සහ ජාත්‍යන්තර මලල ක්‍රීඩා ක්‍ෂේත්‍රයට බිහි වූ ප්‍රවීණ ක්‍රීඩිකාවක් වන අතර ඇය ආසියානු මට්‌ටමේ රන්පදක්‌කම් රැසක්‌ම දිනා ඇති ක්‍රීඩිකාවකි.
ලෝක ශූරතා හෙල්ල විසිකිරීමේ (කාන්තා) අවසන් තරගය හෙට (18 දා) පස්‌වරුවේ පැවැත්වීමට නියමිතය.