73 වියැති ආච්චිට පසළොස්වක පෝ දින තරුණ මුනුපුරාගෙන් අතවර

මුනුබුරකු වන පුතකු විසින් තමාගේම කිරිඅම්මාව බලහත්කාරයෙන් මහ රෑ දූෂණය කරනු ලැබීමේ සිද්ධියක් කොස්වත්ත පොලිස් වසමට අයත් මීගහවෙල ප්‍රදේශයෙන් වාර්තා වේ.

මීගහවෙල බෞද්ධ විහාරස්ථානය අසල පදිංචි හැත්තෑ තුන් වියැති (73) වයෝවෘද්ධ කාන්තාවක් මෙසේ අතවරයට ලක්වී ඇති අතර සැකකරු තිස් හැවිරිදි මුනුපුරා බව පැවැසේ.

2013. 08. 20 වැනි පසළොස්වක පෝ දින අලුයම 1.00ට පමණ සැකකරු අදාළ කිරිඅම්මාගේ නිවෙසේදී මෙම අතවරය සිදුකර ඇත. 2013.08.19 දින රාත්‍රි 11.00ට පමණ සැකකරු එම නිවෙසට පැමිණ තම කිරිඅම්මාට තේ හදා දී නින්දට ගොස් ඇත.2013.08.20 දින අලුයම 1.00ට පමණ කිරිඅම්මා නිදා සිටි ස්ථානයට පැමිණ ඇති සැකකරු එක්වරම ඇයට අතවර කිරීමට සැරසෙද්දී ඇය තරවටු කර ඇතත් ඇයට ඔහුගෙන් මිදීමට අවස්ථාවක් නොලද බව පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන්ව ඇත.කොස්වත්ත පොලිස් ස්ථානාධිපති පො. ප. ඔසිත ලංකා ද සිල්වා මහතා ප්‍රමුඛ නිලධාරීන් පරීක්‍ෂණ කරගෙන යන අතර, සැකකරු 2013.08.21 දින උදේ මාරවිල අධිකරණයට ඉදිරිපත් කර ඇත.සිද්ධියට ලක්වූ තැනැත්තිය 2013.08.20 දින මාරවිල රජයේ රෝහල වෙත යවා ඇත.

Gossip Lanka Hot News Previous News Archive