මම විවාහ වෙන්නේ නැහැ - Anarkali Akarsha

මට තියෙන වැඩත් එක්ක පෙම්වතකුට සැමියකුට වෙන් කරන්න කාලයක් මට නැහැ 
ඇය දඟකාරියක්. ඒ වගේම රුවැත්තියක්. ඒ විතරක්ම නමෛයි, ඇය අපේ රටේ වගකිව යුතු තැනැත්තියක්. රංගන ශිල්පිනියක් විදියට කවුරුත් හඳුන ගත්තත් ඇය දැන් රංගන ශිල්පිණියක් විතරක්ම නමෛයි. ඇය තමයි අනර්කලී ආකර්ශා. කාලෙකට පස්සේ අපි අනර්කලීට කතා කළා. ඒ අනර්කලීගේ අලුත් තොරතුරු දැනගන්නත් එක්ක.

කොහොමද මේ දවස්වල වැඩ කටයුතු?
අලුත් චිත්‍රපටයකට දායක වුණා. දේශපාලන වැඩ, ව්‍යාපාරික කටයුතු හැමදේම කරගෙන යනවා.

දැන් නිතර දකින්න නැත්තේ ඇයි?
මුල් කා‍ලේ නම් මට ලැබුණු නිර්මාණවලින් මම ආස දේවල් මම කළා. දැන් නම් ආස වුණත් ටිකක් තෝරලා තමයි වැඩ කරන්නේ.

ඒ විදියට තේරීම් කරන්නේ අනර්කලීගෙම කැමැත්තට?
මට අම්මා, තාත්තාගෙන් උදව් ලැබෙනවා. ඒ වුණත් මමනේ රඟපාන්නේ. ඒ නිසා මගේ කැමැත්තට තමයි වැඩිපුර ඉඩ දෙන්නේ.


අනර්කලී වැඩිපුර කැමැති සිනමාවටද?
මම හිතන්නේ සිනමාව සදාකාලිකයි. ටෙලි නාට්‍ය ඉවර වුණාම ගොඩක් වෙලාවට ඒ ටෙලි නාට්‍යය ගැන ආපහු කතා කරන්නේ නැති තරම්. ඒත් සිනමාව එහෙම නැහැ. කාලයක් ගත වුණාට පස්සෙත් සිනමා නිර්මාණ ගැන කතා කරනවා. ඒ නිසා සිනමාව එක්ක ඉන්න මම කැමැතියි.

ඒත් පසුගිය කා‍ලේ සිනමාවට ලොකු තැනක් තිබුණේ නැහැනේ?
සිනමාව රැකෙන්න නම් හොඳ නිර්මාණ කරන්න ඕන. අලුත් දේවල් එක්ක ඉස්සරහට යන්න ඕන. ඒ විදිය දේවල් හැමදාම දකින්න බැරි වෙන්න පුළුවන්. ඒත් සිනමාව ගැන හැමදාම හැමෝම කතා කරනවා.

අනර්කලී ජනප්‍රියයි?
මම හිතන්නේ මම ලොකු පිනක් කරලා තියෙනවා. මට ලැබෙන ප්‍රතිචාර නිසා මට හිතෙනවා මිනිස්සු මට ආදරෙයි කියලා. මිනිස්සු මට ආදරෙයි කියන්නේ මම ජනප්‍රියයි කියන එකනේ. ඒ ගැන මට නිහතමානීව ආඩම්බරයක් තියෙන්නේ. සම්මානවලට වඩා ඒ ලැබෙන ආදරේ හරි වටිනවා.

දේශපාලනයට සම්බන්ධ වුණු එක ගැන සතුටුයිද?
අපේ රටේ යුද්දෙ තිබුණු කා‍ලේ මට පුළුවන් වුණා නිළියක් විදියට මිනිස්සුන්ගේ හිත්වලට ‍පොඩි හරි සතුටක් දෙන්න. අද රට නිදහස් වුණාට පස්සේ මට පුළුවන් වෙලා තියෙනවා උදව් කරලා මිනිස්සුන්ගේ හිත් සතුටු කරන්න. ඒ ගැන හිතද්දී මට සතුටුයි.

දේශපාලනයට ආවට පස්සේ අනර්කලී වෙනස් වුණාද?
මම නිළියක් වෙලා ඉන්නකොට මම දැනගෙන හිටපු නැති ගොඩක් දේවල් දේශපාලනයට ආවට පස්සේ මම දැනගත්තා. මිනිස්සුන්ගේ දුක් කරදර මම තේරුම් ගත්තා. ඒ දේවල් එක්ක මම ඒ මිනිස්සු අතරට ගියා. ඒක තමයි ඉතිං වෙනස.

කතා හැදෙද්දී අනර්කලී ඒ කතා ගණන් නොගෙන හිටියේ කොහොමද?
මම කට කතාවලට මඩ ගැහිලිවලට මම බය නැහැ. මම දන්නවා මම කව්ද කියලා. මගේ ළඟ ඉන්න අයත් දන්නවා මම කවුද කියලා. ඒ නිසා ඒ කතාවලින් මාව වට්ටන්න බැහැ. මගේ ජීවිතේ හරි විවෘතයි. ගොඩක් දෙනෙක් නොදන්නවාට ගැහැනු හිත් හරි හයියයි. මටත් තියෙන්නේ හයිය හිතක්. ඒ නිසා කාටවත් බෑ මගේ ජීවිතෙට ප්‍රශ්න ඇති කරන්න.

නිවේදිකාවක් විදියට ලැබෙන ප්‍රතිචාරය?
වැඩසටහනක් කරන එක ‍ලේසි දෙයක් නමෛයි. ඒත් මට හිතෙනවා නිවේදිකාවක් විදියට මගේ වැඩේ මම හරියට කරනවා කියලා. ගොඩක් අයගෙන් හොඳ ප්‍රතිචාර තියෙනවා. ඒ ගැන සතුටුයි.

අනර්කලීව අනුකරණය කරන අය ඉන්නවා නේද?
කවුරු කොහොම අනුකරණය කළත් සාර්ථක වෙන්න බැහැ. මාව අනුකරණය කරන්න ගිහින් අසාර්ථක වෙන නිසා තමයි ඒ අය මාව අනුකරණය කරනවා කියලා දැනෙන්නේ.

වැඩ ගොඩක් අතරෙත් ලස්සනට ඉන්නේ කොහොමද?
මම කවදත් ලස්සනනට ඉන්න ආසයි. ඒ නිසා මගේ පෙනුම රැක ගන්න මට කරන්න පුළුවන් දේ මම කරනවා. වැඩ වැඩි වුණා කියලා පෙනුම අමතක කරන්න බැහැනේ.

දේශපාලනයට ආවට පස්සේ අනර්කලී විලාසිතාවලට සීමාවක් දා ගත්තද?
මම හැමදාම විලාසිතා තෝරා ගත්තේ තැනට ගැළපෙන විදියට. ඒ විලාසිතා තෝරා ගැනීම්වල අදටත් වෙනසක් නැහැ.

අනර්කලී ඇයි විවාහ නොවෙන්නේ?
මම හිතන්නේ විවාහය කියන්නේ මගේ ජීවිතේට වුවමනා දෙයක් නමෛයි. ඒ නිසා මම විවාහ වෙන්නේ නැහැ.

එහෙම තීරණයක් ගත්තේ කලකිරීමෙන්ද?
මට තියෙන වැඩත් එක්ක පෙම්වතකුට සැමියකුට වෙන් කරන්න කාලයක් මට නැහැ. මේ වැඩත් එක්ක මම විවාහ වුණොත් මගේ විවාහය අනිවාර්යයෙන්ම අසාර්ථක විවාහයක්. මම විවාහ නොවෙන්නේ වැඩ වැඩි නිසා මිසක් කලකිරිලා නමෛයි.

ජීවිතේ තනිකමක් දැනෙන එකක් නැද්ද?
මට ආදරය කරන ගොඩක් මිනිස්සු මේ රටේ ඉන්නවා. ඒ අයගේ ආදරය ලැබෙද්දී මට තනිකමක් දැනෙන එකක් නැහැ. අනික් මම කලිනුත් කිව්වනේ මගේ හිත හයියයි.

නෙලූෂා සිල්වා

Gossip Lanka Hot News Previous News Archive