අචලා ජර්මනියෙන් අලුත් අත සවි කරගෙන එයි

මාතර රෝහලේදී සිදු වූ වෛද්‍ය නොසලකිල්ලක් නිසා තම වම් අත අහිමි වූ කොළඹ නීති විද්‍යාලයේ ශිෂ්‍යා අචලා පි‍්‍රයදර්ශනී මෙනෙවිය ජර්මනියේ දී කෘති‍්‍රම අතක් ලබා දිවයිනට පැමිණ සිටී.

ජර්මනියේ ඔටෝබොක් (OTTOBOCK) නමැති සෞඛ්‍ය සේවා ආයතනය මගින් මෙම කෘත‍්‍රිම අත සවිකරනු ලැබූ අතර ඒ වෙනුවෙන් ජනාධිපති අරමුදලෙන් රුපියල් ලක්‍ෂ 42 ක මුදලක් වැය කරන ලදී.අචලාට සහ ඇගේ මවට ජර්මනියට යාම ඒම සඳහා ගුවන් ටිකට් පත් විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් ලබාදුන් අතර මීට අදාළ කටයුතු සම්බන්ධීකරණය ආරක්‍ෂක අමාත්‍යාංශයෙන් සිදුකළ කෙරිණ.

කෘත‍්‍රිම අත සවිකිරීමෙන් පසුව අචලාට සහ ඇගේ මවට ජර්මනියේ ස්ථාන කිහිපයක සංචාරය කිරීමේ පහසුකම් ද සලසා දී තිබූ අතර ජනාධිපතිවරයාගේ විශේෂ උපදෙස් මත හිටපු යුද හමුදාපතිවරයාගේ මෙහෙයවීමෙන් අචලාට අවශ්‍ය සියලූ පහසුකම් හා සම්බන්ධීකරණ කටයුතු රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යාංශය මගින් සිදු විය.කෘත‍්‍රිම අත ලබා දිවයිනට පැමිණීමෙන් පසුව අදහස් පල කරමින් අචලා ප‍්‍රියදර්ශනී මෙනෙවිය මෙසේ කීවාය.


‘මම ඉකුත් ජූලි මස 27 වැනිදා ජර්මනියට ගියා. ජර්මනියේ ඉතා ඉහළම සෞඛ්‍ය ආයතනයක් මගින් මට අවශ්‍ය කෘති‍්‍රම අත සකස්කර තිබුණා. මේ අත බැලූ බැල්මට කෘත‍්‍රිම අතක් බව හඳුනා ගන්න පුළුවන්. ඒත් එය වැසෙන පරිදි අත්දිග ඇඳුමක් ඇන්දවිට වෙනසක් පේන්නේ නැහැ.

මේ අත දිග අරින්න, නවන්න පුළුවන්. අල්ල නවන්නත් පුළුවන්. එය විශාල සහනයක්. කිසිවක් නැතිව ඉන්නවාට වඩා මෙවැනි හෝ අතක් ලැබීම ගැන බෙහෙවින් සතුටු වෙනවා. මේ සඳහා උදව් උපකාර කළ සියලූ දෙනාටම මා ස්තුතිවන්ත වෙනවා’

Gossip Lanka Hot News Previous News Archive