සියලූ ආනයනික කිරිපිටි වර්ග වෙළෙඳ දැන්වීම් තහනම්

ආනයනික කිරිපිටි සම්බන්ධයෙන් පැන නැගී තිබෙන ගැටලූ පිළිබඳව සොයා බලා විසඳුම් යෝජනා කිරීමට පත්කර තිබෙන අමාත්‍ය අනුකමිටුව විසින් සියලූ ආනයනික කිරිපිටි වර්ග සම්බන්ධයෙන් වෙළෙඳ දැන්වීම් තහනම් කිරීමට තීරණය කර තිබේ.

 අමාත්‍ය අනුකමිටුව ගත් එම තීන්දුවට අනුව ආනයනික කිරිපිටි වෙළෙඳ දැන්වීම් තහනම් කිරීමේ නියෝග ඇතුළත් ගැසට් නිවේදනයක් නිකුත් කරන ලෙස ප‍්‍රධාන ආහාර බලධරයා වන සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා පාරිභෝගික කටයුතු අධිකාරියටද දැනුම් දී තිබේ. පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති රූමි මර්ෂුක් මහතා සඳහන් කළේ ඉදිරි දින දෙක තුන ඇතුළත එම ගැසට් නිවේදනය නිකුත් කරන බවය.
ආනයනික කිරිපිටි සම්බන්ධයෙන් පවතින ගැටලූව නිරාකරණය වන තෙක් ඊට අදාළ වෙළෙඳ දැන්වීම් ප‍්‍රචාරය කිරීමෙන් හෝ පළ කිරීමෙන් වළකින්නැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර උපදේශක කමිටුව ඉකුත් 6 වැනිදින දිවයිනේ සියලූ ජනමාධ්‍ය ආයතනවලින් සහ කිරිපිටි සමාගම්වලින් ඉල්ලීමක්ද කර තිබිණ. කෙසේ වෙතත් ඇතැම් ජනමාධ්‍ය ආයතන සහ කිරිපිටි සමාගම් එම ඉල්ලීමට එතරම් හොඳ ප‍්‍රතිචාරයක් නොදක්වන හෙයින් නීතියක් පනවමින් එම දැන්වීම් තහනම් කළ යුතු බව අමාත්‍ය අනුකමිටුවේ අදහස වී ඇත.

Gossip Lanka Hot News Previous News Archive