ලංකාවේ ප්‍රථම වරට බලු කසාදයක්‌

ශ්‍රී ලංකා පොලිස්‌ ඉතිහාසයේ ප්‍රථම වරට ඉතාමත් අපූරු විවාහ මංගල්‍යයක්‌ මහනුවර පොලිස්‌ ක්‍රීඩාපිටියේදී ඊයේ (26 වැනිදා) පෙරවරුවේ සිදුවිය.

එම විවාහ මංගල්‍යය පොලිස්‌ නිළ සුනඛ අංශයේ පිරිමි සතුන් හා ගැහැණු සතුන් අතර සිදුවූ විරල විවාහයකි. විවාහ පත්වූ යුවල දහයකි. යුවල දහයම විදේශයේ උපත ලැබුවෝය. මහනුවර පොලිස්‌ නිළ සුනඛ අංශයේ පොලිස්‌ සේවය සඳහා පුහුණු කරනු ලැබුවෝය.

මංගල ඇඳුම් ආයිත්තමින් සරසන ලද නිළ සුනඛ යුවල ලියාපදිංචිය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති එච්. එන්. බී. අඹන්වල මහතා සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය අංශයේ මහාචාර්ය ඉන්ද්‍රdනි ද සිල්වා මහත්මිය අතින් සිදුවිය.ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති එච්. එන්. බී. අඹන්වල මහතාගේ සංකල්පයක්‌ වූ මෙම ව්‍යාපෘතිය සඳහා පොලිස්‌පති එන්. කේ. ඉලංගකෝන් මහතාගේ පූර්ණ අනුමැතිය ලැබී ඇත.


විවාපත් නිළ සුනඛ ජෝඩු මධුසමය ගතකිරීමට නුවරඑළියේ විශේෂ පහසුකම් සලසා තිබේ. සුබ මංගලම්, ජය මංගලම් ගැයුම් මධ්‍යයේ විවාහ මංගල්‍යය සිදුවූ අවස්‌ථාවට නියෝජ්‍ය පොලිස්‌පති ජී. බී. පෙරමුණේ, ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි ගාමිණි ඇල්ලේපොල, නිළ සුනඛ අංශ ප්‍රධානී පො. අ. සිසිර වීරකෝන් යන මහත්වරුද පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය අසෝක දංගොල්ල යන මහත්වරු ඇතුළු පිරිසක්‌ සහභාගි වූහ.

Gossip Lanka Hot News Previous News Archive