මම හරිම අමාරුවෙන් වමනේ කර කර තමයි රගපෑවේ-ෂෙරීල් ඩෙකර්
ස්වර්ණවාහිනියේ විකාශනය වන දම්සාරී ටෙලිනාට්‍යයෙහි දම්සාරී ලෙස රගපාන නව පරපුරේ ප්‍රසිද්ධ නිළියක වන ෂෙරීල් ඩෙකර්ව ඉවත් කරලලු. ඇයව එසේ ඉවත් කරන්න ප්‍රධාන හේතුවක් වුණේ ඇය දිගින් දිගටම අසනීප වීම නිසා රූගත කිරීම්වලට නොපැමිණීමත් එම නිසා සතියේ දින පහේම විකාශය වන දම්සාරී වැඩකටයුතු අඩාල වීමලු. අනෙක් කාරණය ඇය නාට්‍ය කණ්ඩායමට ලොකු වදයක් බවට පත් වෙලාලු.
ඒ නිසා ඉන් ඉවත් කරන්න එහි නිෂ්පාදකවරුන්ට සිදුවුණාලු. ඇය මුලදී එකඟ වී තිඛෙන්නේ දිනකට රුපියල් හත්දහසක වැටුපකට කොටස් අටක් ර`ගපාන්නලු. නමුත් පසුව ඇය දිනකට රුපියල් දසදහසක දීමනාවක් ඉල්ලා බලකරමින් දිනකට කොටස් හතක පමණක් ර`ගපෑමට අවශ්‍ය බව එහි නිෂ්පාදකවරුන්ට කරදර කළාලු. ඇය සවස පහෙන් පස්සේ සෙට්එකේ ඉන්නේ නැතිව ගෙදර යනවලු. ඇයව ඉවත් කරන්න හේතුව මේ විදිහට කරදරකාරී චරිතයක් වීමලු.
මේ ආරංචිය ගැන විමසීමට අප ෂෙරීල් ඩෙකර්ව දුරකථනයෙන් සම්බන්ධ කර ගත්තා. මේ කතාව ඇත්තද නැත්තද කියා ඇයගෙන් විමසුවා?
ඔය කතා ඔක්කොම බොරු. මාව ඒ අය ඉවත් කළේ නැහැ. මමයි දම්සාරී ටෙලිනාට්‍යයෙන් ඉවත් වුණේ. පසුගිය කාලේ මට ටිකක් වීස් එක හැදිල තිබුණා. දම්සාරී නාට්‍යයේ ප්‍රඩක්ෂන් මැනේජර් මට කතාකරල කිව්වා කොහොම හරි එන්න කියලා. ලෙඩවෙලා සිටියත් මම හරිම අමාරුවෙන් වමනේ කර කර තමයි රගපෑවේ. මේ සිදුවීම්වලට ස්වර්ණවාහිනියවත් බුද්ධික කුලසේකරවත් කිසිම සම්බන්ධයක් නැහැ.

නළු නිළියන්ව දෙකයි පනහට දාල තමයි මේ අය කතාකරන්නේ. මම මුල ඉඳලම එකඟ වුණේ දිනකට රුපියල් දහදාහකට වැඩ කරන්න. ගොඩක් අය මේවට කතාකරන්නේ නැහැ. නමුත් මේ විදියට කතාකරල වැඩක් නැහැ. අඩුම ගානේ නාට්‍යයට අවශ්‍ය ඇඳුම් ටිකවත් හරියට ලැඛෙන්නේ නැහැ. හැමදාම ලැඛෙන්නේ එකම ඇඳුම් ටික. ස්වර්ණවාහිනියත් සමග තිඛෙන බැඳීම නිසා තමයි, මේතරම්වත් කාලයක් දම්සාරී නාට්‍යයේ වැඩ කළේ. තවත් ඒ විදිහට වැඩ කරන්න බැරි නිසයි ඒකෙන් අයින් වුණේ. මා වෙනුවට ර`ගපාන්න තෝරගෙන තියෙන්නේ නෙහාරාව. මම නෙහාරා එක්ක කිසිම තරහක් නැහැ. එයා මගේ යාළුවෙක්. නමුත් මේ කතා ඔක්කොම අමූලික බොරු.