බොදුබල සේනාවෙන් බැසිල් රාජපක්ෂට අභියෝගයක්

'හලාල් සහතිකය' ඉවත් කරන බවට ආණ්ඩුව ප්‍රකාශ කලද, එය මෙතෙක් ක්‍රියාත්මක වී නැතැයි චෝදනා කල බොදු බල සේනා සංවිධානයේ ලේකම් ඥානසාර හිමියන්, ඒ සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා බෞද්ධ ප්‍රජාවට පැහැදිලි පිළිතුරක් දිය යුතු බව අවධාරණය කළහ. අද ගාල්ලේ පැවති බොදු බල සේනා සමුළුවේදී උන්වහන්සේ එම කාරණා සඳහන් කළහ. 'හලාල් සහතිකය' හඳුන්වාදීමේදී බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා විශාල කාර්ය භාරයක් ඉටු කල බව මුස්ලිම් නායකයින් තමන් වහන්සේට පවසා ඇති බවද උන්වහන්සේ එහිදී පැවසුහ.

 බොදු බල සේනාවට එරෙහිව මේවනවිට මාධ්‍ය වාරණ ක්‍රියාත්මක වන බව පැවසු උන්වහන්සේ, ඒ සඳහා බලපෑම් කරනන් අතර බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා ඉදිරියෙන්ම සිටින බව අනාවරණය වී ඇතැයි ද පැවසුහ. 

 රටේ නැගී එන සිංහල- බෞද්ධ බලවේගය දුර්වල කිරීම සඳහා විමල් විරවංශ ඇමතිවරයා, 'රාවනා බලකායත් ගොඩනගා ඇති බවත්, ඔහුගේ අමාත්‍යංශයෙන් වැටුප් ගෙවන කාර්ය මණ්ඩලයක් සහිත 'ලංකා සි නිව්ස්' වෙබ් අඩවිය හරහා බොදු බලසේනාවට එරෙහි අමුලික බොරු බේගල් පලකරන බවත් ඥානසාර හිමියන් වැඩිදුරටත් පැවසුහ.

Gossip Lanka Hot News Previous News Archive