මෙවර චැම්පියන්ස් ලීග් පන්දුවාර විස්ස කි‍්‍රකට් තරගාවලියේදී තමන් ශී‍්‍ර ලංකාවේ කඳුරට මෙරූන්ස් කණ්ඩායම නියෝජනය කරන්නට තීරණය කළ බව කුමාර් සංගක්කාර පැවසිය. තමන් ගත් තීරණය ඊමේල් පණිවුඩයක් මගින් අයි.පී.එල්. සහ චැම්පියන්ස් ලීග් තරග සංවිධායකයින්ට දැන්වූ බවද ඔහු සඳහන් කළේය. සිය අවසන් තීරණය ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය වෙත දැන්වූ බවද සංගක්කාර ප්‍රකාශ කළේය.
ලබන මස 17 වන දා ඉන්දියාවේදී ආරම්භවන චැම්පියන්ස් ලීග් තරගාවලියේදී කුමාර් සංගක්කාර ක්‍රීඩා කළ යුත්තේ ඉන්දියාවේ හයිද්‍රාබාද් සන්රයිසස් කණ්ඩායමට ද, එසේත් නැතිනම් ශ්‍රී ලංකාවේ කඳුරට මෙරූන්ස් කණ්ඩායමටදැයි පසුගිය දිනවල විවාදයක් ඇති විය.
අද උදෑසන කොළඹ එන්. සී. සී. ක්‍රීඩාංගණයට පැමිණ මාධ්‍යවේදීන් ඇමතූ කුමාර් සංගක්කාර පැවසුවේ, කඳුරට මෙරූන් කණ්ඩායමට ක්‍රීඩා කිරීම සඳහා හයිද්‍රාබාද් සන්රයිසස් කණ්ඩායමෙන් ඉවත්වීමේදී එහි අයිතිකරුවන්ට තමා ගෙවිය යුතු වන්දි මුදල පිළිබඳව සාකච්ඡා කිරීමට මැදිහත් වන්නැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් අවස්ථා කිහිපයකදීම ඉල්ලා සිටි බව ය.
එහෙත් අවසන් මොහොත දක්වා ඒ පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැහැදිලි තීරණයක් ලබා නොදීම හේතුවෙන් තමන් දැඩි අසීරුතාවයකට පත් වූ බව ද කුමාර් සංගක්කාර අවධාරණය කර සිටියේය. මෙම අර්බුදය දුරදිග ගියේ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ අදුරදර්ශී කි‍්‍රයා පිළිවෙත නිසා බවද සංගක්කාර වැඩිදුරටත් පැවසිය.