මොහු කප්පම් ගන්නා අයෙක්'
- පොලිසිය කියයි
- පොලිසිය කියයි
පිටකොටුව ගුණසිංහපුර පෞද්ගලික බස් නැවතුම්පළට ඊයේ (05 වැනිදා) දහවල් කඩාවැදුණු නාඳුනන කණ්ඩායමක් එහි රාජකාරි කරමින් සිටි වේලා සටහන්කරුවකුට (ටයිම් කීපර්ට) පහර දී දෙනෝදාහක් දෙනා බලා සිටියදී සුදු පාට වෑන් රථයකින් පැහැරගෙන ගොස් ඇත.
පැහැරගැනීමට ලක්ව ඇත්තේ ජාතික ගමනාගමන කොමිසම මගින් පත්කර සිටි වේලා සටහන්කරුවකු වන ඒ. ගාමිණී නමැති අයෙකි. අංගොඩ අඹතලේ ප්‍රදේශයේ පදිංචිකරුවකු වූ ගාමිණී වසර දෙකකට ආසන්න කාලයක සිට වේලා සටහන්කරුවකු ලෙස ගුණසිංහපුර පෞද්ගලික බස් රථ ගාලේ සේවය කරන බව පොලිසිය පවසයි.කොන්දොස්තරවරුන්ට තර්ජන කරමින් කප්පම් මුදල් ලබාගන්නා බවට තොරතුරු පොලිසිය වෙත ලැබී ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් කියා සිටියේය.
එහෙත් කිසිදු බස්රථ රියෑදුරකු හෝ කොන්දොස්තරවරයකු ඒ පිළිබඳව පොලිසියට පැමිණිලි කර නැත.ඊයේ දහවල් 12.00 ට පමණ පිටකොටුව ගුණසිංහපුර බස්නැවතුම්පළේ වේලා සටහන්කරුගේ කාර්යාලයට පැමිණි පුද්ගලයකු ගාමිණී මුණගැසී හදිසි කාරණයක් පිළිබඳව සාකච්ඡා කිරීමට යෑයි කියමින් කාර්යාලයෙන් පිටතට කැඳවාගෙන ගොස් ඇත.
ඒ අවස්ථාවේ එම කාර්යාලය අසලට වේගයෙන් පැමිණි සුදු පැහැති වෑන් රථයක් නතර කර තිබේ. වෑන් රථයේ පැමිණි අයකු ගාමිණීට පවසා ඇත්තේ කලබල නොකර වෑන් රථයට නගින ලෙසයි.එහෙත් ගාමිණී වෑන් රථයට නැගීම ප්‍රතික්ෂේප කර ඇති අතර වෑන් රථයේ පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනකු ගාමිණීට පහර දී ඔහු වෑන් රථයට දමාගෙන පලාගොස් තිබේ.
මෙම සිද්ධිය වන අවස්ථාවේ විශාල පිරිසක් එම ස්ථානයේ රැඳී සිට ඇති අතර සිදුවූයේ කුමක්ද යන්න සිතා ගැනීමට නොහැකිව ඔවුහු තුෂ්නිම්භූතව බලා සිටියහ.මෙම පැහැරගැනීම කවුරුන් විසින් කුමන හේතුවක් නිසා සිදුකළේ ද යන්න මෙතෙක් හෙළි වී නැත.පිටකොටුව වේල්ලවීදිය පොලිසිය මේ පිළිබඳව පරීක්ෂණ පවත්වාගෙන යයි.
Divaina
Divaina