මෙරටට ආනයනය කරනු ලබන කිරිපිටිවල ඞීසීඞී කෘෂි රසායනය අන්තර්ගත බවට තහවුරු වීමත්, ආනයනය කරනු ලබන වේ ප්‍රොටීන් සහ වේ පවුඩර්වල ක්ලෝස්ටි්රඩියම් බොටලිනම් නම් බැක්ටීරියාවක් ඇති බවට සැකයක් ඇතිවීමත් සමග කිරිපිිටි සහ වේ පවුඩර් යොදා නිෂ්පාදනය කරනු ලබන බිස්කට්, අයිස්කී්රම් ඇතුළු වෙනත් නිෂ්පාදන පිළිබඳව ද ගැටලූකාරී තත්ත්වයක් මතුවෙමින් ඇති බව වාර්තා වේ.
වාර්ෂිකව මෙරටට මේද සහිත හා මේද රහිත යන දෙවර්ගයෙන් කිරිපිටි මෙට්ටි්රක් ටොන් අසූතුන්දාහකට ආසන්න ප්‍රමාණයක් ආනයනය කෙරෙයි. වේ ප්‍රෝටීන් හා වේ පවුඩර් අඩංගු ආහාර හා කිරිපිටි වර්ග ඇතුළු ළදරු ආහාර වර්ග රාශියක් ඇත. ආනයනික කිරිපිටි හෝ වේ ප්‍රෝටීන් යොදාගනිමින් මෙරටදී බිස්කට් සහ අයිස්කී්රම් වර්ග අතිවිශාල ප්‍රමාණයක් වාර්ෂිකව නිෂ්පාදනය කරනු ලබන බවත්, කිරිපිටි තුළ ඞීසීඞී හා බොටලිනම් බැක්ටීරියාව අඩංගුව තිබුණේ නම් එම කිරිපිටි යොදාගෙන කරන නිෂ්පාදනවලද එම අහිතකර ද්‍රව්‍ය අඩංගුවිය හැකි බවත්, එවැනි නිෂ්පාදන වෙළෙඳපොළ තුළ පැවැතීමට ඉඩකඩ ඇති බවත්, පාරිභෝගික කටයුතු අධිකාරියේ ඉහළ නිලධාරියෙක් ප්‍රකාශ කළේය.
මේ පිළිබඳව කළ විමසීමකදී සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවසුවේ, බිස්කට් වැනි නිෂ්පාදන සඳහා කිරිපිටි යොදාගන්නා නමුත් මේ අවස්ථාවේදී නිසැක වශයෙන් කිරිපිටි තුළ අඩංගු අහිතකර දෑ බිස්කට් තුළ හෝ ඒ ආශි‍්‍රත නිෂ්පාදන තුළ අන්තර්ගතදැයි කිව නොහැකි බවත්, ඒ සඳහා පරීක්ෂණ කටයුතු ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව ඉදිරියේදී දිගින් දිගටම සිදුකිරීමට අපේක්ෂා කරන බවත්, පළමුව කිරිපිටි සම්බන්ධයෙන් පරීක්ෂණ නිසියාකාරව ඉටුකිරීමට බලාපොරොත්තු වන බවත්ය.
මහීපාල මහතා වැඩිදුරටත් පවසන්නේ, ඞීසීඞී පරීක්ෂණ දිගින් දිගටම සිදුකරන අතරතුර බොටලිනම් බැක්ටීරියාව පිළිබඳ පරීක්ෂණ කටයුතු ඉදිරියට කරගෙන යන බවත්, වරායේ රඳවා ඇති කිරිපිටි තොග පරීක්ෂාවෙන් අනතුරුව වෙළෙඳපොළට ලබාදෙන බවත්, බැක්ටීරියා සහිත වේ ප්‍රෝටීන් අඩංගු ආහාර ද්‍රව්‍ය වෙනත් රටවල් හරහා ලංකාවට පැමිණීම පිළිබඳව යම් අවදානමක් ඇති බවත්, ඒ පිළිබඳව අවශ්‍ය ඉදිරි පියවර ආහාර සුරක්ෂිත කමිටුව හරහා ගැනීමට ඉදිරියේ සාකච්ඡා කරන බවත්ය.
මේ අතර 1980 අංක 26 දරන පනතට අනුව සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා ආහාර සුරක්ෂිත කමිටුව සමග පසුගිය 6වනදා සාකච්ඡා කර සියලූම කිරිපිටි වෙළෙඳ දැන්වීම් ප්‍රචාරය කිරීම අත්හිටුවන ලෙස දන්වා තිබුණි. කාර්මික තාක්ෂණික ආයතනය විසින් ඞීසීඞී ඇති බවට තහවුරු කර ඇති ෆොන්ටෙරා සමාගමට අයත් ඇන්කර් 1+ (ඛාණ්ඩ අංකය 107610163) සහ ඇන්කර් සම්පූර්ණ යොදය සහිත කිරිපිටි (ඛාණ්ඩ අංකය 0605088311-21) මැලිබන් සම්පූර්ණ යොදය රහිත කිරිපිටි (ඛාණ්ඩ අංක 13074A1) සහ ජී.එම්මොහොමඞ් අලී සහ සමාගමේ ඩයමන්ඞ් කිරිපිටි (ඛාණ්ඩ අංක NWIFIPD-1) යන කිරිපිටි වහාම වෙළෙ`දපොළින් ඉවත් කර ගන්නා ලෙසත් පාරිභෝගිකයන්ට ඒ පිළිබඳව සැලකිලිමත් වෙන ලෙසත් දන්වා ඇත.
මේ අතර ෆොන්ටෙරා සමාගම නිවේදනයක් නිකුත් කරමින් කාර්මික තාක්ෂණ ආයතනයේ පර්යේෂණ පිළිගත නොහැකි මට්ටමක පවතින බව ප්‍රකාශ කළේය. ඒ පිළිබඳව කාර්මික තාක්ෂණික ආයතනයේ සහකාර අධ්යක්ෂ ආනන්ද එස්.පන්නිල මහතාගෙන් රාවය කළ විමසීමකදී පැවසුවේ LCMC නම් අතිනවීන උපකරණය නොමැති බව පවසමින් ෆොන්ටෙරා ආයතනය පරීක්ෂණ පිළිගත නොහැකි බව පැවසුවද, එම තොරතුරු ලබාදෙන උපකරණයට සමාන HPLCඋපකරණය මගින් මෙරටදී තම ආයතනය සාධාරණ පරීක්ෂණ පැවැත්වූ බවයි.
ඒ මහතා වැඩිදුරටත් පවසන්නේ අහඹු ලෙස තෝරාගත් කිරිපිටි වර්ග තුළ මෙලෙස ඞීසීඞී ඇති බවට තහවුරු වූ බවත්, ඉදිරියේදී සිදුකරන පරීක්ෂණවලදී අනෙකුත් ආනයනික කිරිපිටි තුළද ඞීසීඞී අන්තර්ගත වීමට වැඩි ඉඩකඩක් ඇති බවත්, බොටලිනම් බැක්ටීරියා පරීක්ෂණ සඳහා තවම සාම්පල තමන් වෙත නොලැබුණු බවත්, කිරිපිටි යොදා නිෂ්පාදනය කරනු ලබන බිස්කට් ඇතුළු ආහාර වර්ග පිළිබඳව යම් ගැටලූකාරී තත්ත්වයක් ඇති බවත්ය.
- රාවය -